Monday, 13 May 2024

කොවිඩ් 19 මැඩලීමට ස්වේච්ඡා බළකායක්

Posted On Thursday, 10 June 2021 16:43

කොවිඩ් 19 මැඩලීමට ස්වේච්ඡා බළකායක්


කොවිඩ් -19 මැඩලීම සඳහා වු ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් එම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී.