Saturday, 04 May 2024
Editor

Editor

වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර අතර එම වෙසක් සතිය අද (26) සිට ආරම්භ වෙයි.

දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දී සිදුකෙරුණි.

මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ නගරය ජලභීතිකාවෙන් තොර නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබාදීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ.

වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

අප්‍රේල් මස 25 වන දින සිට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, වයඹ,ඌව, සබරගමුව,දකුණ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.