Saturday, 04 May 2024
Editor

Editor

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය රුබෙල්ලා, සරම්ප වැනි වෛරස තත්ත්වයක් නොවන බවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තම ස්වරූපය අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද වෙනස්කරගන්නා සුවිශේෂ වෛරස තත්ත්වයක් බැවින් ඒ සඳහා එන්නතක් භාවිත කිරීම අභියෝගයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබුණු සෙම් පටල අති නවීන මවුලික පරීක්ෂවලට භාජනය කිරීම හරහා ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය හඳුනාගෙන ඇති බවත් සුළු වශයෙන් RSV හා ඇඩිනෝ වෛරසය හමු වූ අවස්ථාවන් ද ඇති බව පෙන්වාදෙන වෛරස් රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම කාලය සාමාන්‍ය වශයෙන් මෙම වෛරසය පැතිරීම සිදුවීම වසර 10ක පමණ සිට හඳුනාගෙන ඇතැයි ද පැවසීය.
 
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සෙම්පටල හොංකොං වෙත යවා ඇතැයි ද පෙන්වාදුන් ඒ මහතා මෙම වෛසරය සඳහා එන්නතක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වාර්ෂිකව ලබාදීමට කටයුතු කළ යුතු බවත් එන්නතක් දිය යුතුද නැද්ද යන්න සියලු ම සුවිශේෂි ලෙසින් සැලකිල්ලට ගත යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.
 

නව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම ඊයේ (04) පෙ.ව 10.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්විණි.

දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිසරය, මානව පැවැත්ම සහ සමස්ත විශ්වයේ පැවැත්ම පිළිබඳව සලකා බලන විට අතිශය තීරණාත්මක සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.

වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇත.

උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
 

දැනට දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2018.05.26 සහ 27 දෙදින පැවැත්වීමට තිබූ සියලුම කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දැනුම් දෙයි.
එම විභාගයන් සදහා දැනටමත් නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට වලංගු වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ රෝග පැතිරීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් රෝගවලට ගොදුරුවීම්වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.