Saturday, 04 May 2024
Editor

Editor

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාත් ඇළ, කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති තුනෙහි මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා කාර්යාල තුනක් වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.ජී.කේ. පෙරේරා  මහතා, ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දී ඇත.
 

සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ ප‍්‍රාදේශීය රැස්වීම (ජූනි මස 13) අද ත‍්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිතය.

ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (12) අනුමැතිය ලබා දෙන ලදී.

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය ජුනි මස 11 දින දක්වා (අද) පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේවැඩසටහනක් අරඹයි.

විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.