Saturday, 04 May 2024
Editor

Editor

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 කට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (05) පස්වරුවේ පැවැත්විනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙලට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජූලි මස 07 සිට 09 දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි.

ආයුර්වේද ඖෂධ අළෙවිසල් ප්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ දිනවල උඩරට වගා කරන එළවළු මිල ඉහළ යාමට හේතුව මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන්  එළවළු කොටු විනාශ වීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
 

ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත  නිල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත.

අද (18) සිට ලබන 25දා දක්වා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.
 

අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල්  වැනි  රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.