සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර,දකුණු සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවකියේ සඳහන් වෙයි.