Tuesday, 30 April 2024
Editor

Editor

කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් අඝාත රෝගින් වන අතර ලක්ෂ දෙකකට වැඩි අඝාත රෝගින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දැනට සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පවසයි.

නිදහස් වෙළද කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවේ. ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කර ඇති අතර, පළමුවෙන්ම කොරෝනා වෛරසය ආසාදිත බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන ජාතික කාන්තාව හැරුණු විට මේ වන තෙක් කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝගියකු රට තුළ වාර්තා වී නොමැති බවත් මේ පිළිබඳ කරුණු දක්වන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කරයි.

72 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද දින කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.

72 වන නිදහස් දින සමරු උළෙල හෙට දිනයේ දී (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි  ශ්‍රිලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරිමේ දී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්විම හේතුවෙන් එම අපහසුතාවය මඟ හරවා ගැනිම සඳහා  හඳුන්වාදුන් online app එක අද (27) සිට ක්‍රියාත්මක බව මඟි ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.