Wednesday, 08 May 2024

කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Posted On Monday, 03 February 2020 10:42

72 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙර පුහුණු කටයුතු හේතුවෙන් අද දින කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.



ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මේට්ලන් පෙදෙස, මේට්ලන් ක්‍රිසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වට රවුම දක්වා කොටස අදාළ කාලය තුළ ගමනාගමනය සීමා කිරීමට නියමිත අතර අද(03) පෙරවරු 07.00සිට දහවල් 12.00 දක්වා එය ක්‍රියාත්මකයි.