Friday, 29 March 2024

සන්නස ක්‍රීඩා

එංගලන්ත ජාතික ක්‍රිකට්පිල අබියස ශ්‍රී ලාංකිකයෙක්

Posted On Tuesday, 04 August 2020 05:58

එංගලන්ත දේශීය ක්‍රිකට් පිටියේදී එරට පළමු පෙළ ක්‍රිකට් වරම් දිනා ගන්නට ශ්‍රී ලංකාවේ උපත ලද ක්‍රීඩකයෙකු වූ තිලාන් වලල්ලාවිට පෙරේදා (01 වැනිදා) සමත් වූයේ ඒ සරේ ප්‍රාන්ත කණ්ඩායමත් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමත් අතර පැවති බොබ් වීල්ස් කුසලානයේ පළමු තරගයේදී මිඩ්ල්සෙක්ස් පිළ නියෝජනය කරමිනි.

පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන 22 හැවිරිදි තිලාන්, ශ්‍රී ලංකාවේ පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවකු වූ අජිත් වලල්ලාවිටගේ වැඩිමහල් පුත්‍රයාය.

කොව්ඩ්-19 අවදානමෙන් අනතුරුව එංගලන්ත දේශීය ක්‍රිකට් වාරය බොබ් විල්ස් කුසලානයෙන් ඇරඹිණි. එංගලන්තයේ සහ වේල්සයේ පැවති ක්‍රිකට් තරග ඉතිහාසයේ 121 වන පලමු පෙළ තරගවාරය මෙය වේ.

දිමිත්‍රි මස්කරන්හාස්ගෙන් පසුව එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන, මීළඟ ශ්‍රී ලාංකිකයා තිලාන් වනු ඇතැයි එරට මාධ්‍යවේදීහු අනාවැකි පළ කරති.

Read 687 times