දුම්වැටි තනි තනිව අළෙවි කිරීම තහනම් කිරීමට නීති සකස් කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට ලබන සතියේදී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කරයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රීකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ උපාධි අවසන් වසර සිසුන්ගේ නව අධ්‍යයන වර්ෂය ලබන 27 වැනි සඳුදා දින ආරම්භ කෙරේ.
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.
දිවයිනේ ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.