අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ දුම්පානය අධෛර්ය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම නීති සකස් කරන බවයි .
දුම්කොල බද්ද සියයට අනූව (90%) දක්වා වැඩි කිරීමටද මීට පෙර කටයුතු කෙරුණා.
දුම්කොළ වගාවෙන් ඉවත් වන ගොවීන් සදහා විකල්ප වගාවන්ට ආධාර ලබාදීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක බැංකුවේද සහාය හිමිවනු ඇතැයිද විශ්වාසය පළ කෙරුණා.