Friday, 19 April 2024

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව මාර්තු 07 දා - ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි

Posted On Wednesday, 01 March 2017 09:27

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව  මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව  සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.


ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

''ඉන්දියානු සාගරය සමකාමී,ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම'' යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාර්තු අට දින ඉන්දුනීසියාවේ රාජ්‍ය නායක සංචාරයක නිරත වීමට ද නියමිතය.

රාජ්‍ය නායක සංචාරය අතරතුර දී  ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර, ''ඉන්දුනීසියවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු  සහයෝගිතාව පිළිබඳ අවභෝධතා ගිවිසුම'',  ''ඉන්දිනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමූපකාර සඳහා අළෙවි  සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව ( NCCSL) අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතව පිළිබඳ අවබෝධතා ගිවිසුම''  අත්සන කෙරෙන අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read 1602 times