Tuesday, 21 May 2024

ජාතික මව් කිරි දීමේ සතිය 2020 අද සිට ඇරඹේ

Posted On Saturday, 01 August 2020 16:03

අඟහරු ග්‍රහයාට යැවූ රෝවරයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම නිර්මාණය කළ ලාංකික කාන්තාව
July 31, 2020
අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළේය.
ටොන් එකක් පමණ බරින් යුතු එම රෝවරය (Rover) මගින් අඟහරු ග්‍රහයාගේ පාෂාණ සහ පස් සාම්පල එකතු කරනු ඇතැයි ද ඒවා මෙම දශකය අවසන් භාගයේදී පෘථිවියට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද විදෙස් වාර්තා පවසයි.

මෙම රෝවරය ශ්‍රී ලංකිකයන්ටත් වැදගත් වේ. ඒ, එය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්‍යුත් ඉංජිනේරුවරියක් සිය දායකත්වය ලබාදුන් බැවිනි.

ඇය මෙලනි මෙලෝනි මහආරච්චි ය. මේ වනවිට ඇය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධියක් හදාරන්නීය.

කොළඹ උපන් ඇය, ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි.

2003 වසරේදී සිය සැමියා සහ දරුවන් සමග අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ. ඉන්පසු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරාගෙන තිබේ.

ඇය නාසා ආයතනය හා සම්බන්ධ වී ඇත්තේ 2015 වසරේ දීය.

'Mars Rove'r යානය තුළ විද්‍යුත් පරිපථයේ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කිරීමට ඇය පූර්ණ දායකත්වය ලබාදී ඇත. "එය මම තනියෙන් ම නිර්මාණය කළේ".

Posted On Saturday, 01 August 2020 02:10

පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් 12500ක් සහ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් 4000ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Posted On Friday, 31 July 2020 16:09

පසුගිය කොරෝනා සමයේ දී විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් විදුලි මිල ඉහළ යාම විදුලි බල මණ්ඩල වරදක් නොවන බවත් ලබා දුන් බිල්පත නිවැරදි බවත්,පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඊයේ (30) ලංකා විදුලි බල මණ්ඩල ශ්‍රවණාගාරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

Posted On Friday, 31 July 2020 16:04
 

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසන් සභාව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න නියෝග කළා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. 

මෙම නඩුව අල්ලස් කොමිසන් සභාවේ සාමජිකයන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා විසින් පවරා ඇති බවට පවසමින් එම නඩුව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පවසා විත්ති පාර්ශ්වය මූලික විරෝධතා කොළඹ මහාධිකරණයේ ඉදිරිපත් කරන ලදි.

මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු මස 11 දින නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.

Posted On Friday, 31 July 2020 05:51 Written by