Thursday, 18 April 2024

මහාධිකරණ අල්ලස් නඩුවට අතුරු තහනමක්

Posted On Friday, 31 July 2020 05:51 Written by
Rate this item
(0 votes)
 

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසන් සභාව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම්වල නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න නියෝග කළා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. 

මෙම නඩුව අල්ලස් කොමිසන් සභාවේ සාමජිකයන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා විසින් පවරා ඇති බවට පවසමින් එම නඩුව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පවසා විත්ති පාර්ශ්වය මූලික විරෝධතා කොළඹ මහාධිකරණයේ ඉදිරිපත් කරන ලදි.

මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු මස 11 දින නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.

Read 2091 times