මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ.
සැප්තැම්බර් පළවෙනිදා සිට ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ගණන ක්‍රමයෙන් පහළ ගියා - විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ
60ට වැඩි මෙරට ජනගහණයෙන් බහුතරයකට එන්නත් ලබාදී අවසන් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.
නායක දෙපල දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සිය ප්‍රසාදය පළ කළේය.
නායක දෙපල ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.