Thursday, 28 March 2024

අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් ලැබීම ඉහළ මට්ටමක-අධ්‍යාපන ලේකම්

Posted On Friday, 17 September 2021 16:06

අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් ලැබීම ඉහළ මට්ටමක-අධ්‍යාපන ලේකම්


අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් ලැබීම ඉහළ මට්ටමක පවතින බවත් කිසිදු දරුවකුට අසාධාරණයක් වීමට කිසිදු ඉඩක් නොතබන බව ඉතා වගකීමෙන් අවධාරණය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

උතුරු පළාතේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ලැබීම සියයට සියයක් බවත් අනෙකුත් දිස්ත්‍රික්ක වලද අයදුම්පත් විශාල වශයෙන් ලැබී ඇතැයිද ලේකම් වරයා සඳහන් කළේය.

වැටුප් විෂමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු-විදුහල්පති වෘත්තීය සංගම් ඊයේ 916) දිනයේදීත් තමා හමු වී සාකච්ඡා කළ බව පැවසූ ලේකම්වරයා , රජයේ ප්‍රතිපත්තිමය තීරණය සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස ඒම වෘත්තීය සංගම්වලින් ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

අද(17) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල් පෙරේරා මහතා මේ බව පැහැදිළි කළේය. ගුරු විදුහල්පති වාත්තිය සමිති 50ක‌ට ආසන්න සංඛවක් ඇති බවත් මෙම වර්ජනයේ නියුතු ගුරු සංගම්, කැබිනට් අනු කමිටුව ලබා දුන් යෝජනා චක්‍රලේඛනයකින් ඉල්ලා සිටින බවත් පැවසූ ලේකම්වරයා ඒය කළ හැක්කේ ඉදිරි අයවැයෙන් පමණක් බව පෙන්වා දුන් බවද සඳහන් කළේය.

ලක්ෂ 42ක් පමණ වූ මෙරට සිසු දරුවන් ගැන සිතා නැවත සේවයට වාර්තා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් කීය.

කොවිඩ් වසංගත තත්වයට හමුවේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවත් , සෞඛ්‍ය අංශ සමග නිරන්තර සාකච්ඡාවන්හි නිරත වන බව ද ලේකම්වරයා පැවසීය. දරුවන් 200ට අඩු පාසල් 5131ක් දිවයින පුරා පවතින බවත් දරුවන් කිනම් ආකාරයකට ඒම පාසල් වෙත ගෙන්විය යුතුද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවද කීය

අප්‍රේල් මාසයේ සිට මේ දක්වා දීර්ගකාලයක් තිස්සේ වසා දැමූ පාසල් පවිත්‍ර කිරීම් කටයුතු සිදු කළ යුතු බවත්, ඒ් සඳහාද නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශය සතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.