Saturday, 21 September 2024
නව පුවත්

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ති්‍රක සබදතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් ස`දහා ආරාධනා හිමි  වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  15 දින රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ  (Ninoy Aquino )  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

Posted On Wednesday, 16 January 2019 09:38

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු වූ අතර, එම නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අද හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

Posted On Wednesday, 16 January 2019 09:36

දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දින පස්වරු 2.00 ට කොළඹ, මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි. මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත. මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දෙයි.

Posted On Wednesday, 16 January 2019 09:33

නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Posted On Monday, 14 January 2019 06:48

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Posted On Monday, 14 January 2019 06:46