අභන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ පිළිබඳ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.
මේ අනුව ආයෝජකයින් දිරි ගැන්වෙන වීසා ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර සංචාරක වීසා සඳහා විවිධ රටවලට අදාළව පවතින විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මිට අමතරව සංචාරක වීසා කාල සිමාව දීර්ඝ කිරිමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන කාලසීමාව බහුවිධ ඇතුළ්වීමේ පහසුකම් සහිතව නිකුත් කිරිමට මේ මඟින් විධිවිධාන සළසා තිබේ.