Friday, 26 April 2024

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය අනුව ෆෙඩරල් යෝජනාවකට කිසිම ඉඩක් නෑ - අසේල කුරුළුවංශ

Posted On Friday, 30 December 2016 09:29

නව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් ක්‍රමයක් ලබාදී රට දෙකඩ කිරීමට ජාතික ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවට අසත්‍යය ප්‍රචාර ගෙන යමින් දේශපාලන වාසි ගැනීමට පිරිසක් උත්සහ කරමින් සිටින බවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ මන්ත්‍රීවරු අතරින් 175 දෙනකු සිංහල ජාතිකයින් වීම තුළ එවැනි යෝජනාවක්

සම්මත වීමට ඔවුන් ඉඩදේද යන්න විචාර බුද්ධියෙන් කල්පනා කර බැලිය යුතු බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක,ජල සම්පාදන හා ජලාපවහන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ සුළු ජාතික නියෝජනය මන්ත්‍රීවරු 50 ක් බවත් එම පනහටම රට බෙදන්න අවශ්‍යතාවක් ඇතැයි නිකමට හෝ අනුමාන කළත් සිංහල මන්ත්‍රීවරුන් 175 දෙනාගේ ඡන්දය නොමැතිව කිසිදු ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි බවද ඒ මහතා කීය.

ගලගෙදර ප්‍රදේ‍ශයේ පැවැති ජන හමුවකින් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පෙරේදා (17) මේබව ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාව සම්මත වීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍යය බවත් සිංහල මන්ත්‍රීවරු රට දෙකඩ වන ව්‍යවස්ථාවකට පක්ෂව ඡන්දය දී ඔවුන්ට ඡන්දය දුන් ජනතාව හමුවට යන්නේ කෙසේද කියා සිතා බැලිය යුතු බවත් කී ඒ මහතා පරාජිත දේශපාලනඥයින් පිරිසක් යළි බලයට ඒම සඳහා ජාතිවාදය පතුරවිමින් ගෙනයන වැඩපිළිවෙළේ එක් ප්‍රධාන මා‍තෘකාවක් බවට රට දෙකඩ කිරීම පත්කර ගෙන ති‍බෙන බවද අවධාරණය කළේය.

වත්මන් රජයට අවශ්‍යයවී තිබෙන්නේ විධිමත් බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට බවත් ඒ සඳහා දැන් සිදු කෙරෙන්නේ සාකච්ඡා බවත් හකීම් මහතා කීය.

පරාජිත ඇතැම් දේශපාලනඥයින්ට දැන් අවශ්‍යව තිබෙන්නේ විධායක ජනපති ධූරය ‍අහෝසිකර තමන්ට යළි බලවත් තනතුරකට පත්වීමට බවත් ඒ සඳහා ජාතිවාදය කරපින්නා ගත් පිරිසක් රටේ නැති ප්‍රශ්න මතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසුවේය.


Read 1261 times Last modified on Friday, 30 December 2016 09:32