Friday, 29 March 2024

පළාත් මැතිවරණය ජුනි - කොට්ඨාස ක්‍රමයට

Posted On Friday, 30 December 2016 09:24

පළාත් පාලන මැතිවරණය කඩිනම් කිරීමට මෙන්ම කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ස්ථාවරයක සිටීම ස්තූතිවන්ත විය යුතු කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.


ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇතැම් පිරිස් පෙර පැවති ක්‍රමයට ඡන්දය පවත්වමු යැයි පොරොන්දු හා එකඟවීම් සිදු කළද  කිසිඳු හේතුවක් මත පැරණි ක්‍රමයට ඡන්දය නොපවත්වන බවත්, ඡන්දය පවත්වන්නේ මිශ්‍ර කොට්ඨාස ක්‍රමයට බවත් ඔහු එහි දී සදහන් කර ඇත.

මිශ්‍ර කොට්ඨාස ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට අවසන් තීරණයකට එළඹ ඇති බව ද වැඩිදුරටත් කියා සිටියේය.
සබැඳි පුවත්:
පළාත් මැතිවරණය මැතිසබේ අනුමැතිය අනුව - මැකො

Read 1401 times Last modified on Friday, 30 December 2016 09:27