Tuesday, 18 February 2025
Editor

Editor

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ට දඩුවම් දෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති.

කොවිඩ් -19 වැලඳුනු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට ගෙනයාමේදී මෙන්ම හදිසි අනතුරු සහ අනෙකුත් හදිසි කායික රෝග තත්ත්වවලදී සුවසැරිය (1990) ගිලන් රථ සේවාව උපයෝගී කරගන්නා ලෙසම මානසික රෝග වලින් පෙලෙන්නන් හදිසියේ රෝහල් ගත කිරීමට සිදුවන විටදී ද එම සේවාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නව වැඩපිළිවෙලක් ඇරඹෙයි.

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව 2020 ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින පැවැත්වීමට තීරණය කර ඇත.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වී 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ.

දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා 2020 වසරේ වාර අවසාන නිවාඩුව ක්‍රියාත්මක වෙයි.

2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වැනිදායින් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර තිබේ. ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1%කි. රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව 27 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විසිතුරු මත්ස්‍ය අපනයනයේදී මිරිදිය මත්ස්‍යයින් 95%ක් සහ කරදිය මත්ස්‍යයින් 98%ක් දේශීයව අභිජනනය කර අපනයනය කෙරේ. විසිතුරු මත්ස්‍ය වර්ග 700කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇතැයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ. මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයින් අභිජනනය කර අපනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රට අභ්‍යන්තරයේ ඇති වැව් සංඛ්‍යාව 18,000ක් පමණ වේ. එහෙත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදාගෙන ඇත්තේ 1500කට ආසන්න වැව් සංඛ්‍යාවකි. කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිරිදිය මසුන් බෝ කළ හැකි වැව් හඳුනාගෙන ග්‍රාමීය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීය හැකියැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000ක් වැව්වලට මුදාහැරීමට සැලසුම් කර තිබේ.

අධිශීතකරණ සහ සනීපාරක්ෂක පහසුකම් සහිත බහුදින යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව සහ ධීවරයන්ට වෘත්තියේ පුහුණුවක් දීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.

ධීවරයන්ට හෝ යාත්‍රාවලට හෝ සේවා සැපයීමට නොහැකි මට්ටමට ධීවර සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි අනාවරණය කෙරිණ. 2017 වසරේදී ඉදි කළ අධිශීතාගාර අකර්මන්‍ය වී තිබේ.

ක්‍රියාත්මක තත්ත්වයේ ඇති අධිශීතාගාර පසුගිය පාලන සමයේදී වසර 33ක් වැනි දීර්ඝ කාලයකට පෞද්ගලික ව්‍යාපාරිකයින්ට බදු දී ඇතැයි ධීවර කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කළහ.

එය ධීවර කර්මාන්තය බිඳ දැමීමේ අරමුණින් කරන ලද්දකැයි ඔව්හු කියා සිටියහ.

කරවල නිෂ්පාදනයේදී මෙරට සාගරයෙන් සපයා ගත නොහැකි මත්ස්‍යයින් පමණක් ආනයනය කළයුතු බව ජනාධිපතිතුමා කීය.

මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවර්ධනයට හඳුනාගත් ස්ථාන 172ක කෘත්‍රීම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි, බස් රථ සහ ධීවර යාත්‍රා සාගර පතුළේ තැන්පත් කිරීමට තීරණය කෙරිණ.

ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය අවශ්‍යතාව දේශීයව සපුරාගන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මෙරට ධීවරයින්ට සහ ධීවර කර්මාන්තයට සහයවීමට අවශ්‍ය නැව් දේශීය ආයතන මගින් නිෂ්පාදනය කළ යුතුයැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරිහූ, ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදකයෝ සහ ව්‍යාපාරිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට හිටපු ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.කැබිනට බලතල සහිත මහකොමසාරිස් වරයෙකු ලෙස මොරගොඩ මහතා එම පදවියට පත්කිරීමට නියමිත අතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සම්බන්දතා වඩාත් සමීපව පවත්වාගෙන යෑමේ අරමුණින් පළමු වතාවට මෙවැනි බලතල සහිතව මහකොමසාරිස් තනතුරක් ඇති කිරීමේ අරමුණ බවද වාර්තා වෙයි.ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මූඩි මහතාගේ සමීප මිත්‍රයෙකු  වන අතර දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

 

කොරෝනා ගෝලීය වසංගතයත් සමග නතර කෙරුණු ඇතැම් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ක්‍රීඩා යන අමාත්‍යංශ එකගතාවයට පැමිණ තිබෙනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡකදී මෙම එකගතාවයට පැමිණ තිබෙනවා.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා හා සෞඛ්‍ය යන අමාත්‍යංශ දෙකේම ඉහළ නිළධාරින් සහභාගි වු අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ ඇතැම් පාසල් ක්‍රීඩා පැවැත්වීමට අමාත්‍යංශ දෙකම එකගවු බවයි මෙම සාකච්ඡාවෙන් පසු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින වාතාවරණය මත පැවැත්විය හැකි ක්‍රීඩා ගණනාවක් හදුනාගෙන ඇති නමුත් ඒ පිළිබද අවසන් තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ගන්නා බවයි. කෙසේවෙතත් හැකි ඉක්මණින් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට හැකිවෙතැයි නව ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සාකච්ඡාවෙන් අනතුරුව විශ්වාසය පළ කළා.

පසුගිය මාස 18ක කාලය තුළ නීතිපති උපදෙස් ඉල්ලා එවා තිබු, අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එසේම, පසුගිය මාස 18 තුළ අධිචෝදනා 12,053ක් ද මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

ආජන්ටිනාවේ පාපන්දු තරුවක් වන ලයනල් මෙසී බාසිලෝනා වෙත ලිපියක් යවමින් තමාට කණ්ඩායමෙන් ඉවත් වීමට අවශ්‍ය බව දැනුම් දී ඇති බව ඔහුට  සමීප ආරංචි මාර්ගයක් CNN  වෙත තහවුරු කර තිබේ.

ඔහු 2020 Champions League තරඟාවලියේදී Bayern Munich කණ්ඩායමට එරෙහිව තරඟ වැදී 8 - 2 ක් වශයෙන් දරුණු පරාජයක් ලැබීමෙන් පසු මෙවැනි තීරණයකට එළඹී ඇතිබව theguardian වාර්තා කරනු ලැබුවා.

 තවමත් ලෝකයේ හොදම ක්‍රීඩකයාගේ ලයිස්තුවේ පෙරමුණේ සිටින ඔහු මෙසේ බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත්වීම ඔවුන්ටද විශාල පාඩුවක් විය හැකිය.

2017 ජූලි මාසයේදී බාසිලෝනා කණ්ඩායම සහ මෙසී අතර කොන්ත්‍රාත් ගිවිසුම 2021 ජුනි 30 දක්වා දීර්ඝ කරන බව නිවේදනය කළ අතර සතියකට ඩොලර් ඩොලර් 645,000 ක් ඔහු වෙනුවෙන් ගෙවන බව  වාර්තා වේ. 33 හැවිරිදි මෙසී 2004 දී බාසිලෝනා වෙනුවෙන් ලීග් තරගාවලියට පිවිසියේය.

 

Barcelona කණ්ඩායම වෙනුවෙන් ගෝල 669* (634+35) වාර්තා කර, Barcelona කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල සංඛයාවක් වාර්තා කල මෙසී ගැන මීට පෙරද මෙවැනි ආරන්චි පැතිරී ගියද එය එසෙ නොවීය. Manchester City වර්තමාන පුහුනුකරු (හිටපු Barcelona පුහුනුකරු) Pep Guardiola Lionel Messi සමග දුරකතන සංවාදයකද යේ දී තිබෙන බව මාධ්ය වාර්තා කර සිටියි. Lionel Messi Manchester City කණ්ඩායම සමඟ එක් වීමට වැඩි සම්භාවිතාවක් තිබුනද, Inter Milan, Manchester United, PSG වැනි ක්රීඩා සමාජයන්ද ‍‍Lionel Messi තම කණ්ඩායමට එක් කරගැනීමට කැමැත්තක් දක්වන බවද වාර්තා වෙනවා....

2004 සිට Lionel Messi විසින් Barcelona කණ්ඩායම සමග බොහෝ ජයග්රහනයන් ලබාගෙන තිබෙනවා....
?4X CHAMPIONS LEAGUE WINNER
?10X SPANISH CHAMPION
?6X SPANISH CUP WINNER
?8X SPANISH SUPER CUP WINNER
?3X FIFA CLUB WORLD CUP WINNER
?3X UEFA SUPERCUP WINNER

?6X THE BEST FIFA MEN'S PLAYER
?6X WINNER BALLON D'OR
?2X UEFA BEST PLAYER IN EUROPE
19X TOP SCORER (UCL,LALIGA,Copa dR,..)
10X PLAYER OF THE YEAR

 

අමෙරිකාවේ දින 14ක් තුලදී ළමුන් 74,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. මේ දක්වා එරට සිටින දරුවන් 443,000 කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමියේ සහ ළමා රෝහල් සංගමය විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව හෙළිව ඇත්තේ අගෝස්තු මස 06 වෙනිදා සිට 20 වෙනිදා අතර කාල සීමාවේදී මෙලෙස ළමුන් 74,160කට වෛරසය ආසාදනය වී ඇති බවයි.

අගෝස්තු මස 06 වෙනිදා නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් සංඛ්‍යාව 358,469ක් වූ බවත් අගෝස්තු 20 වෙනිදා නිකුත් වූ නවතම වාර්තාව අනුව එය 432,629ක් දක්වා ඉහළ ගොස් ඇත.

නවතම වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ ඉකුත් සති දෙකක කාලය තුලදී අමෙරිකාවේ දරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය සීයයට 21කින් ඉහළ ගොස් තිබෙන බවයි.