Wednesday, 24 April 2024

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය උණුසුම් කළ “ඇමසන්” ගින්න Featured

Posted On Wednesday, 23 September 2020 07:11

 

Covid-19  වසංගතය හමුවේ පැවති මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ට බොහෝ රාජ්‍ය නායකයන් සිය දායකත්වය ලබාදුන්නේ සජීවීව තම රටේ සිටම සම්බන්ධ වෙමින් ය. දේශන පැවැත්වූ ලෝක නායකයින් ගෝලීය අර්බුධ දෙකක් ගැන වැඩිවශයෙන් අදහස් දක්වා ඇත. එනම් කොරෝනා  හෙවත් කෝවිඩ් -19 වෛරසය හා පෘතුවියේ නොවැලැක්විය හැකි උණුසුම යන කරුණු දෙක පිළිබඳවයි. sannasa_23-09-2020_01.jpg

බ්‍රසීල ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් 

 

ඇමසන් වනාන්තරය  බ්‍රසීලයේ භූමි ප්‍රමාණයෙන් 49% ක් පමණ අයත්වන අතර  පෘතුවියේ  උණුසුමේ උච්චාවචනයට ඇමසන් සෘජුවම දායකවන බව පැහැදිලි කරුණකි. පසුගිය කාලයේ ඇමසන් වනය විශාලවශයෙන් ගිනිබත් වීම හමුවේ ගෝලීය උණුසුමේ ඉහළයාම වේගවත් වී ඇති බව පැහැදිලි කරුණක් වන අතර වනාන්තරයේ ගිනිගැනීම් පාලනයට ජනපතිවරයා අසමත්වීම ගැන කරුණු ඉදිරිපත්විය. මෙවැනි පසුබිමක බ්‍රසීල ජනපති යායිල් බෝල්සොනාරෝ පටිගතකල වීඩියෝවක් මගින් සමුළුව අමතමින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේපකරන බව පැවසීය. ගෝලීය උණුසුම පාලනය සඳහා බ්‍රසීල ජනපතිවරයා ගේ දෑතේ විශාල වගකීමක් ඇති බවත් එය ඔහු නිසියාකාරව ඉටුකර නොමැති බවත් පැහැදිලි කරුණකි. 2018 වසරේ දී බලයට පත් වූ වත්මන් ජනපති යායිල් බෝල්සොනාරෝ කෝවිඩ් වෛරසය පිලිබඳ තැකීමක් නොකිරීමෙන් ඇතිවූ තත්වය මෙන්ම ඇමසන් වනයේ ගිනිගැනීම් හා ගිනිතැබීම් ඇතුළු වනාන්තර විනාශය ගැන  තැකීමක් නොකරන බවට අදහස් පලවිය. බ්‍රසීල ජනපති අඟහරුවාදා (22-09-2020) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතමින් ඇමර්සන් වනාන්තරය  මෙන්ම බ්‍රසීලයේ පැන්ටනල් තෙත්බිම විනාශ කරන බවට විදේශීය “නළු නිළියන්” විසින් ගොතන ලද  ම්ලේච්ච සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයක් ගැන චෝදනා එල්ල කළේය. ඇමර්සන් වනාන්තරයේ ඇති වූ  ගින්න පිලිබඳ  වාර්තා අතිශයෝක්තියට නංවා ඇති අතර බටහිර යුරෝපයට වඩා විශාල ඇමසන් භූමිය නීති විරෝධී කැලෑ ගිනිතැබීම් සහ වනාන්තරය විනාශකරමින් ඇති ක්‍රියාවන් පාලනය ඉතා දුෂ්කර හා ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවද පැවසී ය.

 


sannasa_23-09-2020_11.jpg

කෙසේ වෙතත් වත්මන් බ්‍රසීල ජනපතිවරයාගේ ධුරකාලයේ පළමු වසර වන 2019 වසරේදී ඇමසන් වනයේ ගිනිගැනීම් 126,086ක් පිලිබඳව  බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) වාර්තා කළේය. එය ඔහු බලයට පත්වීමට පෙර වසරට වඩා 40% කින් පමණ ඉහළ යාමකි.

ඇලිගේටර්,ජගුවර් වැනි දුර්ලභ සතුන් මෙන්ම තවත් බොහෝ සතුන්ගේ නිවහන වන ඇමසන් වනයට අයත් පන්ටනල් රක්ෂිතයේ ගිනිගැනීම් 16,119ක් වාර්තා වී ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් තහවුරු කර තිබේ.මෙය 1998 වසරෙන් පසු වාර්තා වූ ඉහලම අගයයි.

 


sannasa_23-09-2020_10.jpg

බ්‍රසීල ජන පති බොල්සොනාරෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට කියා සිටියේ බ්‍රසීලය තරම් වන භූමි ප්‍රදේශයන් ආරක්ෂා කරන  වෙනත් කිසිදු රටක් ලොව නැති බවයි. කෙසේ වෙතත් වර්තමානයේ ඇති බලපෑම් හමුවේ බ්‍රසීල ජනපතිවරයා සාධනීය පියවරයන් කීපක ද අනුගමනය කර ඇති බව දක්නට ඇත. එනම් වනාන්තර භූමියට අයත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා වැසි වනාන්තරයන්ට සම්බන්ද විෂයන් ඇතුලත් කරමින් ඇමසන් ලේකම් කාර්යාලය නමින් වෙනම කාර්යාල පද්ධතියක් ස්ථාපනය කරන බව එරට පරිසර අමාත්‍යංශය සදුදා නිවේදනය කලේ ය. වන විනාශය මැඩපැවැත්වීම සඳහා බොල්සොනාරෝ විධායක නියෝග දෙකකට අත්සන් තැබීය එනම් වනාන්තර ගිනි තැබීම තහනම් කිරීම හා ගොවීන්ගේ නීතිවිරෝධී වන එළිකිරීම් හා යන්ත්‍රසුත්‍ර භාවිතයෙන් කරන මහා පරිමාන වන විනාශය වැලක්වීමට දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ හමුදා කණ්ඩායමකට  මුරා සංචාර සඳහා බලය පැවරීම දෙවැන්නයි.

sannasa_23-09-2020_06.jpg

නමුත් “ ඔපරේෂන් ග්‍රීන් බ්‍රසීල් “ මෙහෙයුම මගින් ක්‍රියාත්මක වූ මෙවැනිම මෙහෙයුමකින් වනාන්තර ගිනි තැබීමේ තහනම ඵල රහිත බව ඔප්පු වී ඇත. පසුගිය කාලයේ මෙවැනි වනාන්තර විනාශ කළ පුද්ගලයින් ට ඇමරිකානු ඩොලර් මිලියන 96.3 ක දඩ නියමකර ඇති පසුබිමක වන ගිනි තැබීම් පාලනය වී ඇති බවක පෙනෙන්නට නැත. ඒ වෙනුවට වනාන්තර ගිනි තැබීම ඉහල ගොස් ඇත.පසුගිය අගෝස්තු මස දී පමණක් වනාන්තර ගිනි තැබීම් 29307 ක් වාර්තා වූ බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය (INPE) දත්තයන් ගෙන් පැහැදිලි වෙයි. එය සැප්තැම්බර් මස 27660 ක් ලෙස සටහන් වන්නේ මාසය ඉවර වීමට දින අටකුත් ඉතිරිව ඇති පසුබිමක ය. වර්තමානයේ පවතින වියලි කාලගුණික තත්වය මීට බොහෝ සෙයින් බලපා ඇති නමුත් එය පෙර වසරට වඩා 69.7% ක වැඩිවීමකි.sannasa_23-09-2020_5.jpg

sannasa_23-09-2020_13.jpg

sannasa_23-09-2020_07.jpgඅභ්‍යන්තර පරිසර වේදීන්ගේ මතය

බොහෝ පරිසරවේදීන් බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ප්‍රකාශයන් සැකයෙන් යුතුව සලකන අතර ඔහුගේ ජනපති ව්‍යාපාරයේ පොරොන්දු  අතර  “ඇමසන් ආර්ථික හැකියාවන් ගවේෂණය කිරීම”  යනුවෙන් ඇමසන් වනාන්තරය ව්‍යාපාරයක් කරන්නේ කෙසේදැයි ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කර ඇති බවයි.2011 වසරේ සිට 2018 වසර දක්වා නීති විරෝධී ලෙස වනාන්තර එලි කරමින් වන විනාශයන් කරමින් ඉඩම් අත්පත් කරගත් ඊනියා ඉඩම් කොල්ලකරුවන්ට නීතිමය අයිතිය ලබා දීමට ජනපති බොල්සොනාරෝ ද බල කර තිබේ.sannasa_23-09-2020_08.jpeg

sannasa_23-09-2020_09.jpg

කෙසේ වෙතත් ගෝලීය උණුසුම ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම වඩාත් තීව්ර කිරීමට හේතුවන බව පැහැදිලි කරුණකි දරුණු වියලි කාලගුණය වාර්තාගත උෂ්ණත්වය, වාතයේ වාර්තාගත වියලි බව දැවෙන ඉන්දන එකතුවක්  වැනි බව බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්  පර්යේෂකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. මෙම තත්වය දේශගුණික විපර්යාශයන් වේගවත් කිරීමට හේතු  වෙයි. ඇමසන් වනාන්තරය වසරකදී ලොව කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන ගණනක්  අවශෝෂණය කරමින් ද  ඔක්සිජන් මුදාහරිමින් ද එහි විශාල ගස් වියනක්  වෙමින් පෘතුවිය සඳහා වායුසමීකරණ යන්තරයක් සේ ක්‍රියාකරමින් සේවය සලසන බව පරිසර විද්‍යාඥයෝ පවසති.

කෙසේ වෙතත් බ්‍රසීලය නමැති රට ලොවට විශාල වැදගත්කමක් ඇති රටක් වනවා සේම එහි පාලකයා ලෝක පාලකයෙක් ලෙස නිතරගයෙන් පත් වීම් ලබයි. ඔහු ඒ බව සිත් තබාගෙන වගකීමෙන් කටයුතු කිරීම ලෝකයේ යහපත් පැවැත්මට හේතුවෙයි.

RJ 

Read 1504 times