සියලු මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ නීති සකස් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සියපත්වීම් ලිපි ලබාගත්තේය. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙසයි.
මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් සැපයීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරිපාලන) ජයන්ත කුමාර මහතා පැවසීය.
ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ඇරඹේ.