මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ යම් අවදානමක් පවතින බැවින් ප්‍රදේශය ආශ්‍රිතව මදුරුවන් පලවා හැරීමේ දූමකරණය හා පවිත්‍රතා කටයුතු අද දිනයේ (09) සිදු කෙරෙන බවත් ශ්‍රිපාද වන්දනා සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලුම දන්සැල් හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වන බව ඒ මහතා සදහන් කරන ලදී.
මෙහිදී සියලුම සනීපාරක්ෂක කටයුතු රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර කැළිකසල නිසි ලෙස බැහැර කරමින් අවට පරිසරය ද සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස සිරිපා වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද ජයන්ත කුමාර මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.