කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (අපරාධ විද්‍යාව) ආචාර්ය අනූෂා එදිරිසිංහ
ළමා අපයෝජන දිනෙන් දින ඉහළ යෑම බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විවිධ පාර්ශ්ව විසින් වරින්වර මේ සම්බන්ධව අවධානය යොමු කළ ද ළමා අපයෝජන වළක්වා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාව සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව දැඩිව පවතී. වර්තමාන සමාජයේ ළමා අපයෝජන වැඩිවීමට බලපාන හේතු, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්ව, නීතිමය තත්ත්වය සහ ළමයින්ගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, (අපරාධ විද්‍යාව) ආචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.
l ළමා අපචාර සහ ළමා අපයෝජනය යනු එකම දෙකක් ද ?
ළමා අපචාර ළමා අපයෝජන කියන්නේ දෙකක්. බොහෝ විට මාධ්‍ය වාර්තාකරුවන් විසින් මෙය එකක් ලෙස දැක්වීම වැරැදියි. මුද්‍රිත මාධ්‍යවල දී වගේම, රූපවාහිනි මාධ්‍ය තුළත්, සැම විටම ළමයකු අපයෝජනයට ලක් වුණාම භාවිත කරන්නේ අපචාර කියන වචනයයි. ළමා අපචාර යනු ළමයින් විසින් කරන අපරාධ, වැරදිවලටයි. ළමා අපයෝජනය කියන්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට සිදු කරන කායික, මානසික, ලිංගික හිංසන හා නොසලකා හැරීම කියන එකයි. මේවා වාර්තාකරණයේදී වැදගත් වන පාරිභාෂිත පද ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
l ළමා අපයෝජන කාලෙන් කාලෙට යම් සිදුවීමකින් පස්සේ පමණක් කතා කරන, ඒත් බරපතළ ප්‍රශ්නයක් නේද?
අපි හැමදාම මේ ගැන කතා කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ කොටසක් මේ සඳහාම වෙන් කරල තිබෙනවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද මේ පිළිබඳ සොයා බලනවා. මම දකින දෙයක් තමයි මේ ළමා අපයෝජන පිළිබඳ දැනුවත් පිරිස ඉතා සීමිතයි. දැනුවත් කිරීමේ වැඩසටහනකට පැමිණෙන්න කිව්වොත් හැමදාම එන පිරිසක් පමණයි සම්බන්ධ වෙන්නේ. ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පොලිසිය මඟින් සිදු කරනවා. ආසියානු අපරාධ වැළැක්වීමේ සංගමය වන අපිත් ළමා අපයෝජන වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ළමයින් ජීවත් වන ප්‍රදේශය අනාරක්ෂිත නම්, දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී අපට වගකීමක් තියෙනවා ඒ පරිසරය ගැන දරුවන් දැනුවත් කිරීමට. බොහෝ වෙලාවට මේ අපයෝජන පිළිබඳව ජනතාව අවසාන වශයෙන් චෝදනා එල්ල කරන්නේ අම්මාට, ඒක වැරදියි. මවට චෝදනා එල්ල කිරීමෙන් පලක් නැහැ. එම අවස්ථාවලදී අපි චෝදනාව එල්ල කරන්න ඕන අපරාධය සිදු කළ අපරාධකරුටයි. ළමා අපයෝජනයකදී මවට චෝදනා කිරීම මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.
බොහෝ ප්‍රදේශවල දැනුවත් කිරීම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයයි. නමුත් දැනුවත් කිරීම ඔවුන්ට අදාළ රාජකාරියක් නොවේ. ඒ රාජකාරිය පැවරෙන්නේ ළමා රක්ෂණ අධිකාරිය හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න නිලධාරීන්ටයි. පළමුව අනාරක්ෂිත දරුවන් සිටින තැන් හදුනාගන්න ඕනෑ ,ඒ ප්‍රදේශ, පවුල් හඳුනා ගන්න ඕනෑ. මේ සියලුම දෙනාගේ එකතුව, ප්‍රාදේශීය වශයෙන් සම්බන්ධතාවය, අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කාන්තාවන්ට හා ළමයින්ට වන අපයෝජන වළක්වා ගන්න රජය පියවර ගත යුතුමයි.
l වර්තමානයේ ළමා අපයෝජන වාර්තා වෙන්නේ අතළොස්සක ප්‍රමාණයක්, ඒවත් ලිංගික අපයෝජන පමණයි, ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ළමා අපයෝජන බොහොමයක් වාර්තා වන්නේ නැහැ. මේවා සැඟවුණු අපරාධ විදිහටයි හඳුන්වන්නේ. සිදු වන අපයෝජනවලින් වාර්තා වෙන්නේ 10%ක ප්‍රමාණයක් පමණයි. 1%ක් පමණ තමා අධිකරණයට ගිහින් අපරාධකරු බන්ධනාගාර ගත වන තැන දක්වා යන්නේ. 100% අපරාධ සිදු වුණත්, 90% මගින් හැලෙනවා. ඒවා වාර්තා කරන්නේ නැහැ. විවිධ හේතු සාධක නිසා සමහර ප්‍රදේශ ගත්තම ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. ඒවා වාර්තා කරන්නේ නෑ. මොකද ඒ දේ කරලා තියෙන්නේ ලේ ඥාතියෙක්. නැතිනම් දන්න කියන අයයි. ආරාධිතයින් කරන ලිංගික අපයෝජන අඩුයි. 2020දි ළමා අපයෝජන 50ක්ද, 2019දී අපයෝජන 34ක්ද, 2018දී අපයෝජන 24ක් ද වශයෙන් වාර්තා වෙලා තියෙනවා. (මූලාශ්‍රය ශ්‍රී ලංකා පොලිසිය කාර්ය සාධන වාර්තාව 2020) 2018 වසරට වඩා 2019 සහ 2020 වසරවලදී පියා සහ ලේ ඥාතීන් විසින් සිදු කළ ලිංගික අපයෝජන වැඩිවෙලා තිබෙනවා.
වයස අවුරුදු 16ත් 18ත් අතර 2018 වසරේ සිදුවීම් 71 වාර්තා වෙලා තියෙනවා, 2019 වසරේදී 72යි, 2020දී 51ක් වාර්තා වෙලා තිබෙනවා.
ලංකාවේ වයස අවුරුදු 16 කියන්නේ ලිංගික කැමැත්ත දෙන වයසයි. ලිංගික කැමැත්ත දෙන්න පුළුවන් වයසෙ කෙනෙක් හෝටලයක හිටියත්, පාක් එකක හිටියත් ඔවුන් අත්අඩංගුවට ගන්න බැහැ. අවුරුදු 16-18ත් අතර වයස්වල දරුවන් අපයෝජනයට ලක්වීම කොවිඩ් කාලයේදී අඩුවෙලා, අනිත් කාලයේ දී වැඩි වෙලා තිබෙනවා. වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් අපයෝජනය කැමැත්ත ඇතිව හෝ කැමැත්ත නොමැතිව වුණත් එය බරපතළ ලිංගික අපරාධයක්.
වයස අවුරුදු 16ට අඩු කැමැත්ත ඇතිව සිදු වූ අපයෝජන 2018 වසරේදී 1199ක්ද, 2019 වසරේදී 1185ක්ද, 2020දි 1290ක්ද වාර්තා වී තිබෙනවා.
ළමයින්ට කෲර ලෙස සැලකීම ද ළමා අපයෝජනයක් වෙනවා. ළමයින්ට ගහනවා, කන්න දෙන්නෙ නෑ, ළමයින්ව හිර කරල තියනවා, ළමයින්ව බැඳලා තියනවා. මේවා ළමා අපයෝජනයේ කොටස්.
l විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විවිධ ආකාරයේ ළමා අපයෝජන බහුලව සිදුවෙනවා නේද? එයට හේතුව කුමක්ද?
වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ලිංගික අපරාධ වැඩිම පළාත සබරගමුව පළාතයි. කඳුකරයේ සිදුවීම් ඉතා අඩුයි. මගේ ස්ත්‍රී දූෂණ ගැන කරපු පරීක්ෂණයේ දී රත්නපුරයේ වැනි ග්‍රාමීය ප්‍රදේශවල ළමා අපයෝජනවලට ගොඩක් හේතුවෙලා තිබුණේ ලඳු කැලෑ බහුල වීම බව නිරීක්ෂණය කර ගැනීමට හැකි වුණා. අටලුගම සිදුවීමේදි, ඒ දැරිය රැගෙන ගිහින් තිබුණේත් ලඳු කැලෑවකටයි. ඒ වගේම මානා කැලෑ ද, කඩොලාන වගේ මඩ ගොහොරු සහිත කැලෑ ස්ථානවලට දරුවෝ බලහත්කාරයෙන් ඇදගෙන යන්න පුළුවන්. ඒක එක්තරා ආකාරයක පාරිසරික සාධකයක්. අපරාධ වැඩිවීමට හේතු වන විදිහට ග්‍රාමීය ප්‍රදේශවල අවකාශය හැදිලා තියනවා.
l ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මව්පියන්ගේ නොසැලකිල්ල හා නොදැනුවත්භාවය ළමා අපයෝජනවලට සෘජුවම බලපාලා තියනවා නේද?
මාපියන්ගේ නොසැලකිල්ල කියන්නේම ළමා අපයෝජනයක්. ඒ නිසා මාපියන්ගේ දැනුවත්භාවය ඉතා වැදගත්. දැන් අපි බැලුවොත් ඕන කෙනෙක් ගාව ස්මාර්ට් ෆෝන් තියනවා. ඒවා මඟින් පුළුවන් ඩිජිටල් විදිහට මේක කරන්න. ළමා අපයෝජන වැළැක්වීමට තිබෙන ආයතන, යාන්ත්‍රණ කාර්‍යක්ෂම විය යුතුයි. ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා මේ ළමා අපයෝජන වාර්තා කරන්න, දැනුවත් කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. ළඟ ගෙදරක ළමා අපයෝජනයක් සිදුවෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක වාර්තා කරන්න. ඒ සඳහා මිනිසුන් දැනුවත් වෙලා තිබීම වැදගත්. තමාගේ දරුවා පමණක් නෙවෙයි, සමාජයේ ඉන්න දරුවෙක් දැක්කත්, කාගේ හරි දරුවෙක් දැක්කත් සොයා බලන්න පුරවැසියන් විදිහට අපට යුතුකමක් තිබෙනවා. මේ සඳහා මාපියන්ගේ අධ්‍යාපන මට්ටම හරි වැදගත්. මාපියන් සහ පවුලේ සාමාජිකයින් නිතරම දැනුවත් වෙලා ඉන්න ඕනෑ.
l ළමා අපයෝජන පිළිබඳව මාධ්‍ය වාර්තා කරන ආකාරය නිවැරදිද? මාධ්‍ය මඟින් ළමා අපයෝජන නිතර නිතර පෙන්වීම හරහා වැරදි මඟ පෙන්වීමක් ඇතිවිය හැකියිද?
මාධ්‍ය වාර්තාකරණයේදී සෑම මාධ්‍ය ආයතනයකටම තියනවා ආචාර ධර්ම පද්ධතියක්. නමුත් මම මෑතක සිට දකින්නේ ලිංගික අපරාධ වාර්තා කිරීමේදී හා ළමා අපයෝජන වාර්තා කිරීමේදී අස්දෙක වහලා පෙන්නනවා. ඇස් දෙක වහලා පෙන්නුවත් ඔවුන් හඳුනගන්න පුළුවන්. අපයෝජනයට ලක්වු දරුවන්ගේ පින්තූර පෙන්වන එක වැරැදියි. අටලුගම සිදුවීමේදි ඒ දරුවාගේ මෘත ශරීරය විවෘතව පෙන්නුවෙ නැහැ. ඒක හොඳ දෙයක්. පිටරටවල ළමා අපයෝජනයකදි කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. වින්දිතයාගේ පැත්තෙන් ඒක පෙන්නන එක යෝග්‍ය නැහැ. සමහර සිදුවීම් ගත්තාම තව කෙනෙක්ට ඒ හරහා පෙලඹවීමක් ලැබෙන්නත් ඉඩ තියනවා. නිතර මාධ්‍ය මඟින් පෙන්වීම හරහා කෙනෙක් උත්තේජනයක් ලබන්නත් පුළුවන්. ඒ වගේම පුවත්පත් මාධ්‍යවල ළමා අපයෝජන වාර්තා කිරීමේදී ප්‍රශ්නයක් තියනවා. බොහෝ වෙලාවට ඒ ප්‍රශ්නය තියෙන්නේ සිංහල පුවත්පත්වලයි. සමහර පුවත්පත්වලට ලිපි ලිවීමේදි වචන භාවිත කරන්නේම නොගැළපෙන විදිහටයි. ඉංග්‍රීසි පුවත්පත්වල මෙම සිදුවීම් වාර්තා කිරීමේදී විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරනවා. දමිළ පුවත්පත්වල තියෙන්නේ අතරමැදි තත්ත්වයක්.
l ළමා අපයෝජන ඉහළ යෑම සඳහා මත්ද්‍රව්‍යවල බලපෑම කෙබඳුද?
මත්පැන් හා මත්ද්‍රව්‍ය තමා ලෝකයේ හැමතැනම ළමා අපයෝජනවලට බලපාලා තියෙන්නේ. පවුල් ආරවුල් ගත්තත්, කාම අපරාධ ගත්තත්, ළමා අපයෝජන ගත්තත් මේ සියල්ලටම හේතුවෙලා තියෙන්නෙ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයයි. ලෝකය පුරාම මත්ද්‍රව්‍යයන් එක්කම මෙය බද්ධ වෙලා තියෙනවා. මම කරපු පරීක්ෂණයේදී 42%ක් තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයත්, ඉතිරි 58%ක් බලපාලා තියෙන්නෙ කාලය හා අවකාශයයි. මිනිසුන් මේ කියන මත්පැන් හා මත්ද්‍රව්‍ය නිදහසට කරුණක් විදියට යොදා ගන්නවා. එසේ කිරීමට ඉඩ නොදිය යුතුයි.
l අපයෝජනයට ලක්වූ වින්දිත දරුවකු නීතියේ පිළිසරණ සොයා යෑමේදී එම ආයතනවලදී හිංසනයට ලක්වෙනවා නේද?
ඒ සඳහා නවතම ක්‍රමවේද සකස් කර තිබෙනවා. ඇත්තටම දරුවකුගෙන් අපරාධය ගැන විමසීම නුසුදුසු ක්‍රියාවක්. වින්දිත දරුවකුගෙන් ඒ පිළිබඳ විමසන්න ගියොත් ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එම දරුවාට කලන්තේ හැදෙන්න පුළුවන්, රෝහල්ගත කරන්න වෙන්න පුළුවන්, කුඩා දරුවන් නිසා ඔවුන් භීතියට පත් වෙන්න පුළුවන්. මේ නිසා ඔවුන්ට මානසික ආබාධ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. යම්කිසි දරුවකුගෙන් සිදුවීම පිළිබඳ එක වරක් අහන්න පුළුවන්, නමුත් ඒ පිළිබඳ නැවත නැවත විමසන්න බැහැ. එහෙම අහන්න ගියොත් ළමයා මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අනාගතයේදීම මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. මාධ්‍යවල, චිත්‍රපටවල මේවා නිතර නිතර පෙන්නනකොට ඒ දරුවෝ නැවත වින්දිතභාවයට පත්වෙනවා. ඒක දරුවන්ගේ මානසික සංවර්ධනයට බාධාවක්. මේ නිසා උසාවිය වැනි පරිශ්‍රවලට දරුවා ගෙන්වන්නේ නැතිව, ඔවුන්ගෙන් ගත් වීඩියෝ පටිගත කිරීම් හරහා නඩු ඉදිරියට කරගෙන යනවා. මේ තුළින් වින්දිත දරුවාට වන හිංසනය අවම කරගන්න පුළුවන් වෙලා තියනවා.
l ළමා අපයෝජන වළක්වා ගැනීම නීතියෙන් පමණක් කළ හැකිද?
නීතියෙන් පමණක් එය කරන්න බැහැ. මාපියන්ගේ වගකීම, පවුලේ අයගේ වගකීම, ගමේ වගකීම ඉටු කිරීම වැදගත්. ගමේ තියෙන ප්‍රජා කමිටු හරහා ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. දැනුවත් කිරීම පමණක් නොවෙයි, ගෘප් හදාගන්න පුළුවන්, ළමා සමාජ ඇති කරන්න පුළුවන්, ඒ හරහා ළමයින්ව දැනුවත් කරන්න පුළුවන්. ළමා අපයෝජනය කියන එක සමාජය හංගගෙන ඉන්නේ. ළමා අපයෝජනය කියන එක කුඩා වයසේ සිටම දරුවාට කියා දෙන්න ඕනෑ. පිරිමි දරුවන්ට මේක කියා දෙන්නේ නැහැ, නමුත් පිරිමි දරුවන්ටද ළමා අපයෝජනය ගැන කියා දෙන්න ඕනෑ. මෙම දැනුවත්භාවය පාසල් විෂය නිර්දේශය තුළ කතා කළ යුතු මාතෘකාවක්. අපරාධ යුක්ති පද්ධතිය තුළ නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම වෙන්න ඕනෑ. ඉතා ඉක්මනින් නඩු පවරා චූදිතයන්ට දඬුවම් නියම කළ යුතුයි. බොහෝ දෙනකු දඬුවමට බයයි. මේ නිසා වෙනම අධිකරණයක් පිහිටුවා හෝ ළමා අපයෝජන නඩු ඉක්මනින්ම විමර්ශනය කර දඬුවම් දිය යුතුයි. මෙය නීතිය හරහා පමණක් කරන්න බැහැ, ඒ සඳහා සමාජය ද වෙනස් විය යුතුය. ළමයකුට තනියම කඩේට යන්න පුළුවන් තැනකට නැවත සමාජය එන්න ඕනෑ, එය සමාජය විසින්ම කළ යුතු දෙයක්.
l ලිංගික අපයෝජනයක් සිදු කර,එම දරුවා මරණයට පත් කළ වැරදිකරුවක වූ පුද්ගලයකුට දිය හැකි උපරිම දඬුවම කුමක්ද?
1975/1978 දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත අනුව ලිංගික අපරාධ සදහා දඬුවම් ගැන සඳහන් වෙනවා. ඒවායේ දඬුවම් එකිනෙකට වෙනස්. සමහර සිදුවීම්වලට අවුරුදු 20ට නොඅඩු බරපතළ වැඩ සහිතව සිර දඩුවමක්ද, අවුරුදු 7කට නොඅඩු බරපතළ වැඩ සහිත සිර දඬුවමක් දීමේ හැකියාව තිබෙනවා. එපමණක් නොව වින්දිත දරුවාට වන්දියක් නියම කිරීමේ හැකියාවද අධිකරණයට තිබෙනවා. ලිංගික අපරාධවලදි මීට වඩා වෙනස් දඩුවම් තිබෙනවා. මෙහිදී ළමා අපයෝජන සිදු කළ බවට ඔප්පු වන පුද්ගලයන්ට ඒ උපරිම දණ්ඩනයක් දීමේ ක්‍රියාවලිය ,යාන්ත්‍රණය කාර්යක්ෂම වෙනවා නම් මේ අපරාධ අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් කරපු වරදට මාස දෙක, තුනක් ඇතුළතදී දඬුවම් දෙනවා නම් ඉතා වැදගත්. ඒ සඳහා වෙනම අධිකරණයක් පිහිටුවා හෝ දඬුවම් දීම කළ යුතුයි. අපරාධ යුක්ති පද්ධතියේ දඩුවම් ක්‍රියාත්මක කිරීමේ, උසාවියේ තීන්දු තීරණ දීමේදී කාර්යක්ෂමතාව තිබිය යුතුයි.
රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
රුසියානු Aeroflot ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයඉවත්කරනලෙසඉල්ලානීතිපතිදෙපාර්තමේන්තුවහරහාසීමාසහිතගුවන්තොටුපලසහගුවන්සේවාසමාගමහෙට (6) කොළඹවාණිජමහාධිකරණයටමෝසමක්ගොනුකිරීමටනියමිතය.
අයර්ලන්තයේ Celestial Aviation Trading Limited විසින්කරනලදඉල්ලීමකටඅනුවජූනි 2 වනදිනකොළඹවාණිජමහාධිකරණයවිසින්රුසියානු Aeroflot ගුවන්යානයක්ශ්‍රීලංකාවේභෞමිකබලප්‍රදේශයතුළගුවන්ගතවීමවළක්වාලමින්වාරණනියෝගයක්නිකුත්කරනලදී.
සීමාසහිත Airport and Aviation Services (දෙවනවිත්තිකරු) වෙනුවෙන්පෙනීසිටිඅතිරේකසොලිසිටර්ජනරාල්සුමතිධර්මවර්ධනමහතපසුගියසිකුරාදාඅධිකරණයෙන්ඉල්ලාසිටියේරුසියානු Aerofloft ගුවන්යානයටඑරෙහිවනිකුත්කරඇතිවාරණනියෝගයක්රියාත්මකකිරීමඅත්හිටුවනලෙසයි. කෙසේවෙතත්, ශ්රීලංකාරජයටඑරෙහිවඅධිකරණයකිසිදුනියෝගයක්නිකුත්නොකළනමුත්එයගිවිසුම්ආරවුලක්සම්බන්ධයෙන්පළමුවිත්තිකරුවන Aeroflot Russian Airlines සමාගමටඑරෙහිවපමණක්නිකුත්කළනියෝගයක්බවවාණිජමහාධිකරණයයළිඅවධාරණයකළේය.
අයර්ලන්තයේ Celestial Aviation Trading Limited සමාගම Aeroflot රුසියානුගුවන්සමාගමටඑරෙහිවමෙමවාරණනියෝගයලබාගත්තේපාර්ශවදෙකක්අතරකල්බදුගිවිසුමකකොන්දේසිවලටඅනුකූලවකටයුතුනොකිරීමහේතුවෙනි.
මෙමඉල්ලුම්පත්‍රයේපැමිණිල්ලේවිත්තිකරුවන්ලෙසපැමිණිලිකාරසමාගමමහජනඒකාබද්ධකොටස්සමාගම-Aeroflot Russian Airlines සහවැඩබලනගුවන්නාවිකසේවාප්‍රධානී N.C. අබේවර්ධනනම්කරතිබුණි.
මාධ්‍යවේදීප්‍රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියසම්බන්ධයෙන්අධිචෝදනාලැබසිටිනයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනාජුනිමස 13 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටකොළඹමහාධිකරණවිනිසුරුමඩුල්ලඅද 06.03 නියෝගකළේය.
සාධාරණනඩුවිභාගයකටඅගතියක්වනමෙමනඩුවේපැමිණිල්ලේසාක්ෂිකරුවන්ටබාධාකළබවටඑල්ලවූචෝදනාවක්මතඔවුන්රක්ෂිතබන්ධනාගාරගතකෙරුණි. විත්තිකරුවන් 9 දෙනාටනඩුවිභාගයආරම්භයේදීමඇපනියමකෙරුණේනඩුවේසාක්ෂිකරුවන්ටමැදිහත්වීමෙන්වළකිනකොන්දේසියමතය.
මාධ්‍යවේදීප්‍රගීත්එක්නැළිගොඩපැහැරගෙනගොස්ඝාතනයකිරීමේසිද්ධියටඅදාළවගිරිතලේයුදහමුදාකඳවුරටඅනුයුක්තවසේවයකළයුදහමුදාබුද්ධිඅංශනිලධාරීන් 9 දෙනකුටඑරෙහිවනීතිපතිවරයාවිසින්චෝදනා 17කින්සමන්විතඅධිචෝදනාගොනුගොනුකරතිබුණි.
ලුතිනන්කර්නල්ෂම්මිඅර්ජුන්කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂහෙවත්නාදන්, ඩබ්ලිව්.ඩබ්ලිව්.ප්රියන්තදිලංජන්උපසේනහෙවත්සුරේෂ්, එස්.එම්. රවීන්ද්රරූපසේනහෙවත්රංජි, වයි.එම්.චමින්දකුමාරඅබේරත්න, එස්.එම්.කනිෂ්කගුණරත්න, අයියසාමිබාලසුබ්රමනියම්, ඩී.ජී.ටීප්‍රසාද්ගමගේසහටී.ඊ.ආර්. පීරිස්නඩුවේවිත්තිකරුනීතිපතිවරයාවිසින්නම්කරඇත.
මැයි 9 වැනිදාමයිනගෝගමසහගෝඨාගමයනප්‍රදේශවලඇතිවූසිද්ධීන්සම්බන්ධයෙන්කොළඹනාගරිකමන්ත්‍රීමහින්දකහඳගමමහතාජුනි 8 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටකොළඹකොටුවමහේස්ත්‍රාත්තිළිණගමගේමහතාඅදනියෝගකළේය.
ගාලුමුවදොරප්‍රහාරයේසිද්ධියේ 26 වැනිසැකකරුලෙසරහස්පොලිසියකහඳගමනම්කළේය.
අපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවවෙනුවෙන්පෙනීසිටිනියෝජ්‍යසොලිසිටර්ජනරාල්ලක්මිණිගිරිහාගමකියාසිටියේමැයි 9 වැනිදාගාලුමුවදොරදෙසටපාගමනින්පැමිණිවිරෝධතාකරුවන්සමඟකහඳමකලහකාරීලෙසහැසිරුණුබවටසාක්ෂිකරුවන්කිහිපදෙනෙකුප්‍රකාශලබාදීඇතිබවයි.
කෙසේවෙතත්, සැකකරුවෙනුවෙන්පෙනීසිටිජ්යෙෂ්ඨනීතීඥජයන්තනානායක්කාරමහතාඅධිකරණයටදන්වාසිටියේතමසේවාදායකයාකිසිවකුටශාරීරිකහානියක්සිදුකළබවටනිශ්චිතසාක්ෂිනොමැතිබවයි. ඊටප්රතිචාරදක්වමින්ඩී.එස්.ජීගිරිහාමගමහතාචෝදනාකළේසැකකරුනීතිවිරෝධීරැස්වීමකසාමාජිකයෙකුවීපොදුචේතනාවෙන්අපරාධයකටසම්බන්ධවීඇතිබවයි. තත්ත්වයසැලකිල්ලටගත්මහේස්ත්රාත්වරයාසැකකරුජුනි 8 වැනිදාදක්වාරක්ෂිතබන්ධනාගාරගතකිරීමටනියෝගකළේය.
ආන්දෝලනාත්මකමල්වානදේපලනඩුවෙන්හිටපුමුදල්අමාත්‍යබැසිල්රාජපක්ෂසහතිරුකුමාර්නඩේසන්නිදොස්කොටනිදහස්කිරීමටගම්පහමහාධිකරණයඅදනියෝගකළේය.
සාධාරණසැකයකින්තොරව, විත්තිකරුවන්ගේවරදඔප්පුකිරීමටපැමිණිල්ලඅපොහොසත්වීමමතවිත්තිකරුවන්දෙදෙනානිදොස්කොටනිදහස්කිරීමටගම්පහමහාධිකරණවිනිසුරුනිමල්රණවීරමහතාවිසින්නියෝගකරනලදී. මල්වාන - දොම්පේඅක්කර 16 කඉඩමක්සම්බන්ධයෙන්චෝදනාතුනක්යටතේවිත්තිකරුවන්දෙදෙනෙකුටඑරෙහිවනීතිපතිවරයාඅධිචෝදනාගොනුකරතිබුණි.
විත්තිකරුවන්නිදහස්කිරීමටනියෝගකළමහාධිකරණවිනිසුරුවරයාපැමිණිල්ලසාධාරණසැකයකින්තොරවඔප්පුකිරීමටපැමිණිල්ලඅපොහොසත්වීඇතිබවනිරීක්ෂණයකළේය. නඩුවිභාගයේදීපැමිණිල්ලේසාක්ෂිකරුවෙකුවනමුදිතජයකොඩිFCID හමුවේඅසත්‍යප්‍රකාශයක්කළබවපිළිගත්බවමහාධිකරණවිනිසුරුවරයාවැඩිදුරටත්සඳහන්කළේය.
පැමිණිල්ලේපළමුසාක්‍ෂිකරුලබාදෙනසාක්‍ෂිසැලකිල්ලටගෙනනඩුවකසාක්‍ෂිඉදිරියටගෙනනොයනබවනීතිපතිදෙපාර්තමේන්තුවමීටපෙරගම්පහමහාධිකරණයටදැනුම්දුන්නේය.
නීතිපතිවරයාවෙනුවෙන්පෙනීසිටිනියෝජ්යසොලිසිටර්ජනරාල්ශනිල්කුලරත්නමහතාඅධිකරණයටකරුණුදක්වමින්කියාසිටියේපැමිණිල්ලේපළමුසාක්ෂිකරුතමාඑෆ්සීඅයිඩීයටපැමිණිල්ලක්නොකළබවටසාක්ෂිලබාදීඇතිබැවින්නඩුවේසාක්ෂිතවදුරටත්ඉදිරියටගෙනනොයනබවයි. ඔහුප්රකාශයේඅත්සනහඳුනාගත්තේදනැත.
මෙමනඩුවගම්පහමහාධිකරණවිනිසුරුනිමල්රණවීරහමුවේකැඳවූඅවස්ථාවේදීවිත්තිකරුවන්දෙදෙනාවනමුදල්අමාත්‍යබැසිල්රාජපක්ෂසහහිටපුනියෝජ්‍යඅමාත්‍යනිරූපමාරාජපක්ෂගේබිරිඳවනතිරුකුමාර්නඩේසන්යනඅයඅධිකරණයහමුවේපෙනීසිටියහ.
වත්මන් ආහාර හිඟය මඟහරවා ගැනීමට සහ අපේක්ෂිත ප්‍රමාණය සපුරාලීමට උපකාර කිරීම සඳහා සකස් කරන ලද වැඩසටහන් සකස් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හමුවී දන්වා ඇත. පොහොර හිඟය මගහරවා ගැනීමට ගොවි ප්‍රජාවට උපකාර වන නව්‍ය ගොවි ආධාර වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින අතර
ශ්‍රී ලංකාවේ නාගරිකකෘෂිකාර්මික වැඩසටහනසඳහා ආධාර කිරීමටපරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇතිබව ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ නියෝජිතවිමලේන්ද්‍ර ශරන් මහතාපැවසීය. සැලැස්මක් සාර්ථකලෙස ක්‍රියාත්මක කිරීම තුළින්තවත් මූල්‍ය ආධාර ලැබෙනුඇතැයි බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාව තුළක්‍රියාත්මක කළ හැකි ආහාරඅර්බුදයට ප්‍රතිචාර දැක්වීමේසැලැස්මක් FAO විසින්කෙටුම්පත් කරමින් සිටින බව දඔහු ප්‍රකාශ කළේය.
ආහාර හිඟයක් ඇතිවීමේතර්ජනය හමුවේ කෘෂිකර්මදෙපාර්තමේන්තුව මගින් ආහාරසුරක්ෂිතතා වැඩසටහනක්සම්පාදනය කරමින් සිටින බවදක්වන අග්‍රාමාත්‍යවරයා එක්සත්ජාතීන්ගේ සංවර්ධනවැඩසටහන හා සහයෝගයඇතිව මෙම වැඩසටහන ලබනමාසයේදී එළිදැක්වීමට නියමිත බව පැවසීය.
කෘෂි ක්ෂේත්‍රය මේ වන විටමුහුණ දී සිටින විශාලතමප්‍රශ්නය පොහොර සහ ඉන්ධනහිඟය බව ඔහු ප්‍රකාශ කරනඅග්‍රාමාත්‍යවරයා
ගොවීන් මුහුණ දී සිටින පොහොර හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින ආහාර හිඟය මාස 5ක් හෝ 6ක් ඇතුළත මඟහරවා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
COVID-19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලෙන් රුපියල්බිලියන 1.8 ක් අත්‍යාවශ්‍යඖෂධ ආනයනය කිරීම සඳහානිදහස් කරන ලෙස ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාසෞඛ්‍ය අමාත්‍යාංශනිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කොරෝනා වයිරස් රෝගයපාලනය කිරීම සඳහාපරිත්‍යාගශීලීන්ගෙන් මෙමඅරමුදල් ලබා ගන්නා ලදී. කොවිඩ් 19 වසංගතය මේ වනවිට පාලනය වී ඇති බැවින්සෞඛ්‍ය අවශ්‍යතා සඳහා එමමුදල් යෙදවිය හැකි බවජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රෝහල්වලට අවශ්‍ය ඖෂධවර්ග 234ක් දේශීයව නිෂ්පාදනයකෙරේ. ලෝක වෙළෙඳ පොළේඖෂධ මිල අඛණ්ඩව සීඝ්‍රයෙන්ඉහළ යමින් පවතී. මෙමතත්ත්වය හමුවේ දේශීය ඖෂධනිෂ්පාදකයින් ඉන්දීය ණය යටතේඅවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේඅවශ්‍යතාව ජනාධිපතිතුමාපෙන්වා දුන්නේය.
හොරණ ඔයාමඩුව සහ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ආයෝජකයින් 12 දෙනෙකු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එහි ඇති බව නිලධාරීහු පවසති. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරි මාස තුන ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව නිලධාරීහු පෙන්වා දී ඇත.