Friday, 19 April 2024

ඖෂධ ආනයනය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන්

Posted On Friday, 03 June 2022 12:04

COVID-19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලෙන් රුපියල්බිලියන 1.8 ක් අත්‍යාවශ්‍යඖෂධ ආනයනය කිරීම සඳහානිදහස් කරන ලෙස  ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාසෞඛ්‍ය අමාත්‍යාංශනිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොරෝනා වයිරස් රෝගයපාලනය කිරීම සඳහාපරිත්‍යාගශීලීන්ගෙන් මෙමඅරමුදල් ලබා ගන්නා ලදී. කොවිඩ් 19 වසංගතය මේ වනවිට පාලනය වී ඇති බැවින්සෞඛ්‍ය අවශ්‍යතා සඳහා එමමුදල් යෙදවිය හැකි බවජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රෝහල්වලට අවශ්‍ය ඖෂධවර්ග 234ක් දේශීයව නිෂ්පාදනයකෙරේ. ලෝක වෙළෙඳ පොළේඖෂධ මිල අඛණ්ඩව සීඝ්‍රයෙන්ඉහළ යමින් පවතී. මෙමතත්ත්වය හමුවේ දේශීය ඖෂධනිෂ්පාදකයින් ඉන්දීය ණය යටතේඅවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේඅවශ්‍යතාව ජනාධිපතිතුමාපෙන්වා දුන්නේය.

හොරණ ඔයාමඩුව සහ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ  ආයෝජකයින් 12 දෙනෙකු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එහි ඇති බව නිලධාරීහු පවසති. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරි මාස තුන ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව නිලධාරීහු පෙන්වා  දී ඇත.