කඩුවෙල - නව නුවර මාර්ගයේ ගමනාගමනයට බාධා
අයහපත් කාලගුණය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙල පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක් වී පවතින අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇත.
ජනතාවට කලන්තේ
ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීමට ඕනෑම ආණ්ඩුවකට සිදුවීම වැලැක්විය නොහැකි අතර උපක‍්‍රමශීලී වීම හැර අන් මගක් නැත.
''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ කල්යයි
මැයි මස 25,26,සහ 27 දිනයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ''කොළඹ මුද්දර දැක්ම''මුද්දර අලෙවි පොළ දිවයිනේ බලප ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජූනි 29,30 සහ ජූලි 01 දිනට කල්දමා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රත්නපුරයේ ග්‍රාම සේවා වසම් 150ක පවුල් 3287ක් ආපදාවට
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 3287ක් ආපදාවට ලක්ව ඇත.
ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව අදයි
ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (18) පෙ.ව. 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.