කළුතර මහ රෝහලටත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්
නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
වසවිෂ නැති කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සැලැසුමක්
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘසිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණුවක්
නාරා ආයතනය මඟින් සංවිධානය කරනු ලබන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරේ. පුහුණු වැඩසටහන දින 10ක් පුරා පැවැත්වෙයි. මැයි 11 දින පුහුණු වැඩසටහන ආරම්භ වන අතර එය ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ දී ඇරඹේ.
ලෝක තැලසීමියා දිනය අදයි
ලෝක තැලසිමියා දිනය (මැයි 08) අදට යෙදි ඇත. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.
වැසි තත්ත්වයෙන් වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) සිට බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.