නිවේදනය- සුරාසැල්, මස් මාංශ අලෙවි සැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීම
ශ්‍රි බුද්ධ වර්ෂ 2562 ක් වූ 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්
වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
2018 රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර අතර එම වෙසක් සතිය අද (26) සිට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල සනාථ කිරීම Online ක්‍රමයට
දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් මාර්ගගත ක්‍රමයකින් (Online System) සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන දියත් කිරීම ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දී සිදුකෙරුණි.
දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂාවට- මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය
මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.