විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම හෙට (16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.

පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා  වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

නොබෙදුණු, නොබිදිය හැකි රටක් අවශ්‍ය බවත් ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.