මැතිවරණ ප්‍රතිඵල එකින් එක එසැනින් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතී
මැතිවරණ ප්‍රතිඵල විකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අදාළ ගෙවීම් සිදුකර ලියාපදිංචි වූ විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පමණක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සහතික කරනු ලබන ප්‍රතිඵල ආරක්ෂිත පරිගණක ජාලයක් හරහා එකින් එක එසැනින් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
නිල නොලත් මැතිවරණ විකාශයෙන් වැළැකී සිටින්න
සියලුම විද්‍යුත් මාධ්‍ය විසින් නිල නොවන ප්‍රතිඵල විකාශනය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි.
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118ක උත්සව පැවැත්වීමට රජය පියවර ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධාන මගින් මෙම නිදහස් උත්සව සංවිධානය කොට ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
සියලු සේවා නියුක්තිකයෙකුටම ඡන්දය දීමට නිවාඩුව ලබාදෙන්න-මැතිවරණ කොමිෂන් සභාව
සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන මාසයේ සිට පෞද්ගලික රෝහල් නියාමනයට පියවර - සෞඛ්‍ය අමාත්‍ය
එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.