සෙව්මිණි දිව්‍යාංජලී වන මා බප/ජය සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමි. මගේ තාත්තා 1996 අවුරුද්දේ යුද හමුදාවට බැඳුණේ රූපවාහිනියේ ත්රස්තවාදීන් අහිංසක මිනිසුන්ව කපා මරා දමනවා දැකලයි. තාත්තා හමුදාවට උස මදි නිසා කොළඹ හමුදා කඳවුරෙන් තාත්තාව හරවා එවලා තිබුණා. ඊට පසු තාත්තා අනුරාධපුරයෙන් හමුදාවට බැඳුණාලු. මගේ තාත්තාගේ උස අඩි 4 අඟල් 10 යි. මාගේ තාත්තාගේ ක්‍රීඩා සහතික බලලා බඳවා ගත්තාලු.
මගේ තාත්තා තමයි ලංකාවේ සොල්දාදු පුහුණුව අවසන් වෙලා යාපනයට ගිය උස අඩුම පුද්ගලයා. යාපනයේ අවුරුද්දක් විතර නිවාඩු නැතුව සේවය කරලා ගෙදර එනවිට තාත්තාගේ අම්මාට (මගේ ආච්චිට) තාත්තා ගැන බයවෙලා පිස්සු හැදිලා අංගොඩ මානසික රෝහලේ නැවැත්තුවා. ඒ වෙලාවේ හෙදි නැන්දා කෙනෙක් කියලා තියෙනවා අම්මාව හොඳ කරලා ගෙදර එක්ක යන්න හැබැයි තාත්තාට ගෙදර ඉන්න වෙනවා කියලා. ඉතිං තාත්තා නැවත යාපනයට ගිහින් නැහැ. නැවත තාත්තා ත්‍රීවිල් රස්සාවම කළා.
දවසක් කොළඹ කොටුවේදී තාත්තාගේ ත්‍රීවිල් එකට ඉස්සරහින් ගිය ත්‍රීවිල් එකට කකුලක් නැති හමුදා නිලධාරියෙක් නවත්තලා හයර් එකක් යන්න කතා කරලා. ඒ රියැදුරා වැඩි මුදලක් ඉල්ලලා. ඒ හමුදා සෙබළා යන්න ඕනෙ නැහැ කියලා. ඊටපස්සේ පිටුපසින් සිටි මගේ තාත්තා සල්ලි ඕන නැහැ කියලා ඔහු රැගෙන ගිහින් බැස්සුවාලු.
එදා තාත්තා ගෙදර ඇවිත් චිත්‍ර අඳින කෙනකුට කියලා "ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ආබාධිත රණවිරුවන් ප්‍රවාහනය නොමිලේ" කියලා ලියවා ගත්තාලු. මගේ තාත්තා තමයි මුලින්ම ඒ දේ කළේ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාව කරන්න පටන් අරන් අවුරුදු 26ක් විතර වෙනවා. තවම මගේ තාත්තා පාරේ අනතුරක් දැකලා නැහැ. මගේ තාත්තා මිනිසුන්ට හරිම ආදරෙයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කුරිරු යුද්ධය අවසන් කළ නිසා තාත්තා එතුමාට සලකන්නේ දෙවි කෙනකුට වගේ. 2015 ජනාධිපතිවරණයට කලින් තාත්තා හීනෙන් දැකලා තියෙනවා මහින්ද මහත්තයා පරදිනවා. මගේ තාත්තා මහින්ද මහත්තයාව දිනවන්න හයර් යන මිනිස්සුන්ට යුද්ධය සිහිකර කතා කරලා තියෙනවා.
2014.12.21 වෙනිදා උදේ මගේ තාත්තා දකුණු අතේ ඇඟිල්ලක් කපා බෞද්ධාලෝක මාවතේ රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට එල්ලුවා. මිනිසුන්ට කුරිරු යුද්ධය සිහිපත් කොට ජනාධිපති මහින්ද මහත්තයාට සුබ පැතුවාලු.
මේ Covid 19 වයිරසය ගැනත් තාත්තා සිහිනයක් දැකලා බෝධීන් වහන්සේ ළඟ පහනක් පත්තු කරලා තිබෙනවා. පසුදා තාත්තා අසල්වාසීන් හැමෝම එකතු කරගෙන පහන් 200ක් විතර පත්තු කළා. ලංකාවේ කොරෝනා වයිරසය වෙනුවෙන් පළමුව පහනක් දැල්වූයේ මගේ තාත්තායි.
එහෙත් මගේ තාත්තා හීනෙන් දැක්කේ බෝධියක් ළඟ පහනක් පත්තු කරනවා. නාවික හමුදාවේ අය ලෙඩ වෙනකොට ජය සිරිමා බෝධීන් වහන්සේ ළඟ පහනක් දල්වා නාවික හමුදාවේ අයගේ ජීවිත රැකදෙන්න කියා ඉල්ලන්න තාත්තාට හිතුනාලු.
මගේ තාත්තා මැයි මාසයේ 11 වෙනිදා අසල්වාසී අයියා කෙනෙක්ගේ බයිසිකලයක් ඉල්ලාගෙන ඇඳිරිනීතිය තියෙද්දී අනුරාධපුරයට ගියා. අපි බයෙන් හිටියේ තාත්තාට කරදරයක් වෙයිද කියලා. තාත්තා මම දන්න කාලෙක බයිසිකලයක් පැදලා නැහැ. නමුත් තාත්තා ගෙදරින් යන වෙලාවේ කිව්වා “චූටි දුව මනුස්සයො වෙනුවෙන් හොඳ දෙයක් කරන විට බයවෙන්න එපා කියලා.” මම දවස් 4 න් එනවා කිසිම කරදරයක් නැතුව ගෙදර එනවා කියලා. ඒ වගේම 14 වෙනිදා හවස තාත්තා ගෙදර ආවා. දවස් 4 ක්ම මගේ තාත්තට කෑමට බත් නැහැ. තේ ටිකක් නෑ. බීම විතරයි බීලා තියෙන්නේ.
රාත්‍රී කාලයේ ඉඳලා තියෙන්නේ පාළු තැන්වල. ඉතිං මගේ තාත්තා මිනිසුන් වෙනුවෙන් හැම දුකක්ම විඳපු කෙනෙක්. සමහර අය තාත්තාට බනිනවා පිස්සු වැඩ කරනවා කියලා. නමුත් මගේ තාත්තා මට වීරයෙක්.
අද මගේ තාත්තා ගොඩක් අසරණ වී සිටින්නේ. මගේ තාත්තාගේ ත්‍රීවිල් එක මාර්තු මාසයේ ෆිනෑන්ස් එකෙන් අරන් ගිහින් තාත්තාට දැන් රස්සාවකුත්නැහැ. අපිට දැන් ජීවත්වීමට අමාරුයි. මගේ තාත්තාට උදව්වක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
සෙව්මිණි දිව්‍යාංජලී
බප/ජය සේදවත්ත සිද්ධාර්ථ
මධ්‍ය මහා විද්‍යාලය
දිනමිණ