ජගත් පරිසර දිනයට සමගාමීව, නිල්ගල වනය රක්ෂිතයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (02) සිදුවිය.මෙහි සමාරම්භක උත්සවය බිබිල, රතුගල ආදිවාසී ජනඋරුම මධ්‍යස්ථානයේ දී ඊයේ (2) දින පෙරවරුවේ පැවැත්විය.
මෙම වනාන්තරයේ ප්‍රධානත ම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය යි. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වේ. ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40683 ක රක්ෂිතයක් හිමිවේ.