පරිසරයට හානිකර පොලිතින් නිෂ්පාදනය,අලෙවිය හා භාවිතය සම්බන්ධයෙන් වැටලිම් දිනපතා ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ (විමර්ශන) එන්.එස් ගමගේ මහතා පවසයි.
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පොදු සේවා මෝටර් ට්රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
නගරයට පැමිණෙන වාහන නවතාලීම සඳහා ස්ථාන ප්‍රමාණවත් අයුරින් නොමැති නිසා පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්පහ නගර සභාව, පොලීසිය, වෙළෙඳ සංගමය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වාහන තදබදය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස කමිටුවක් පත් කිරීමට ද පියවර ගැනිණි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අද (10) පෙ.ව.8.30ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දුම් රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසී ය.
චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසී ය.
පසුගිය 2017 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 128,077 ක් වූ අතර, 2018 වසරේ ජනවාරි මස සිට ඡුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 30,786 කි. ඒ අනුව පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 76 ක අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවක වදය හා අනෙකුත් ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට භාජනය වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.