අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් කොළඹ නගරය ආශ්රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
“අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025 වන විට අප අමාත්‍යාංශය අපනයනය ආශ්රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවැසීය. ”
ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩිවිමක් ද ඉදිරි දින කිහිපයක් දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන් ද ඇතුළුව සියලු නිවැසියන්ගෙන් බරවා රෝග පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13) ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
කාන්තාවන්, පාසැල් ළමුන් මෙන්ම පුරුෂ පාර්ශවය විසින් කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitinig Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුල රටේ ජනතාවට හෙළි කරන ලදි.
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.