Thursday, 28 November 2024
Editor

Editor

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියදිවි නසා ගැනීමේ සිද්ධීන් සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාකරණයට අදාළ මාධ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දීම සඳහා පැවැත්වෙන මාධ්‍ය සම්මන්ත්‍රණය අද (12) ප.ව.1.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගාකිරීම අත්හදා බැලීම මේ වන විට ආරම්භ කර ඇත.

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වෙයි.

අ.පො.ස (උ.පෙළ) විභාගය II අදියර 2018-09-11 දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Tuesday, 11 September 2018 05:34

නව ඉන්ධන මිල ගණන්

සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධිත නව ඉන්ධන මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10 වන දා) පිටත්ව යනු ඇත.

ඖෂධ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරු උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (10) පස්වරු 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ පවතින වියළි කාලගුණය නිසා මේ දිනවල ජල පරිභෝජනය වැඩිවී ඇති හෙයින් ඇතැම් ප‍්‍රදේශවලට ජලය අඛණ්ඩව සැපයීමද දුෂ්කර වී ඇති බවයි.

නායයෑම් අතුලු අධි අවධනම් ආපදා හේතුවෙන් අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස ලබා දිමේ රජයේ වැඩ පිළිවල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.