Monday, 24 February 2025
Editor

Editor

මිරිස් ආනයනය නතර කිරිමේ තවත් එක් අදියරක් ලෙස මෙරටදී මිරිස් නිෂ්පාදනයට පියවර

සාකච්ඡා සාර්ථකයි- දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි- ලිසිං ගැටළු වලට විසඳුම්

හුදකලා කර තිබූ ප්‍රදේශ රැසක් හෙට හුදකලා තත්ත්වයෙන් ඉවතට

අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් බෑග්

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදිය හැකි අවම වයස සංශෝධනය පිළිබද නියෝගය පාර්ලිමේන්තුවට

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්යාපාරය සදහා වෙලද සැල් වසා දමා කුලි රථ හා ත්රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්රජා සංවර්ධන රාජ්ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
මාධ්ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දක්වන ජිවන් තොණ්ඩමන් මහතා පවසනුයේ වතු කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට වත්මන් රජය මගින් උපරිම උත්සහායක් ගත්තද වතු සමාගම් එම වැටුප් වැඩි කිරිමට අනුකුලතාවයක් නොදක්වන බවත්ය.
එවන් තත්වයන් මත වතු සමාගම්වලට එරෙහිව මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්රික්කය ඇතුළු ප්රදේශ ගනනාවක හර්තාල් ව්යාපාරයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බවත් එය සාර්ථක කර ගැනිම සදහා සියලුම වෙලද සැල් වසා දමා කුලි රථ ත්රිරෝධ රථ ධාවනයෙන් ඉවත් කර වතු කම්කරු ජනතාවගේ උන්නතිය උදෙසා සහය ලබා දෙන ලෙස ඉල්ලිමක් කරන බවද ජිවන් තොණ්ඩමන් පවසන ලදි.
මෙම හර්තාල් ව්යාපාරය රජයට එරෙහි එකක් නොවන බවත් මෙය තනිකරම වතු සමාගම් වලට එරෙහිව කරනු ලබන හර්තාල් ව්යාපාරයක් බවද ජිවන් තොණ්ඩමන් මහතා තව දුරටත් පවසන ලදි.

අභිමානවත් නිදහස් උත්සවයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම්

ඉවතලන කෙසෙල් බඩ, අලිමාන ශාක භාවිතයෙන් පරිසර හිතකාමි නිෂ්පාදන ඇරඹීමට සැලසුම්

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්ය සංවිධානය (WHO) මෙරටට කොරෝනා මර්දන එන්නත් මාත්රා ලක්ෂ 40 ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මේ යටතේ ඇස්ට්රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත නොමිළේ මෙරටට ලැබෙනු ඇති බවයි ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ගිනිකොණදිග ආසියානු කලාපයේ නියෝජිත විශේෂඥ වෛද්ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ.
මේ මස අවසානයේ එහි පළමු එන්නත් මාත්රා තොගය දිවයිනට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
පළමු අධියරේදී සමස්ත එන්නත් ප්රමාණයෙන් 30% ලැබීමට නියමිතයි.
ඉතිරි තොගය අදියර කිහිපයක් යටතේ ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙරටට නොමිළේ ලබා දෙනු ඇති බව විශේෂඥ වෛද්ය පාලිත අබේකෝන් මහතා පැවසුවා