Monday, 25 November 2024
Editor

Editor

සියලු මත්පැන් හල් වසා දැමේ

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට පොලිස් ඇදිරි නීතිය පැනවෙයි

ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

විරෝධතාකරුවන්ට සාමකාමීව විරෝධතාවල නියැලීමට ඉඩ සලසන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පොලිසියෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටියාය.
ප්‍රචණ්ඩත්වයෙන් රටට කිසිදු යහපතක් සිදු නොවන බව ඇය විරෝධතාකරුවන්ට සිහිපත් කර ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකය නිවැරදි කිරීමට හෝ අත්‍යවශ්‍ය දේශපාලන ස්ථාවරත්වයක් ව්‍යාකූලත්වය ගෙන නොයනු ඇතැයි ඇය පැවසුවාය.

සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් - කෝප් කමිටුවෙන් නිර්දේශ

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

දකුණු කොරියාවේ රැකියා සඳහා 2105 ක් පිටත්ව යයි

පෙර පාසල් ගුරුවරුන්ට ජීවන කුසළතා පුහුණුවක්

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයකට එක්වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුව කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයේ නිරත වූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

 

ජපාන සමාගමක් සහ අමාත්‍යවරයා අතර ගණුදෙනුවක් සිදුව ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කිරීමත් සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී තිබේ.