දිවයිනේ නිරිතදිග කොටසේ පවත්නා වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය පවසයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍ය වේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව - 2017 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.
මෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.