විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග නැවත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේත් නැගෙනහිර සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14)නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.