Thursday, 28 March 2024

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

Posted On Tuesday, 27 June 2017 06:37

දිවයිනේ නිරිතදිග කොටසේ පවත්නා වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය පවසයි.


උතුරු-මැදපළාතේත්  වැසිස්වල්පයක් ඇති විය හැක.දිවයිනේ උතුරු අර්ධයේ සහ මාතලේ, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා  තරමක්  තද සුළං ඇති වියහැක.