Friday, 26 April 2024
කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්ය සංවිධානය (WHO) මෙරටට කොරෝනා මර්දන එන්නත් මාත්රා ලක්ෂ 40 ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මේ යටතේ ඇස්ට්රො සෙනිකා කොවිෂීල්ඩ් එන්නත නොමිළේ මෙරටට ලැබෙනු ඇති බවයි ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ගිනිකොණදිග ආසියානු කලාපයේ නියෝජිත විශේෂඥ වෛද්ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ.
මේ මස අවසානයේ එහි පළමු එන්නත් මාත්රා තොගය දිවයිනට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
පළමු අධියරේදී සමස්ත එන්නත් ප්රමාණයෙන් 30% ලැබීමට නියමිතයි.
ඉතිරි තොගය අදියර කිහිපයක් යටතේ ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙරටට නොමිළේ ලබා දෙනු ඇති බව විශේෂඥ වෛද්ය පාලිත අබේකෝන් මහතා පැවසුවා
Posted On Wednesday, 03 February 2021 05:15

කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත් වීමත් සමග සෞඛ්‍ය වෘත්තිකයින් තිගැස්මකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, දෙවන කොරෝනා රැල්ල තුළ වෛද්‍යවරුන් 100 දෙනෙකුට පමණ කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවය. 

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1000ක් පමණ මේ වන විට කොරෝනාවෛරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රීතයින් සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. 

සෞඛ්‍ය වෘත්තිකයින් කොරෝනාවෛරසයට ගොදුරුවීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩා වැටීමකට ලක්විය හැකි බව ද හරිත අලුත්ගේ මහතා පැවසීය. 

සෞඛ්‍ය වෘත්තිකයින්ට විස්වාසයෙන් යුතුව රාජකාරී කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බව ද ඔහු සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ද පැවසීය. 

”අපි ඇත්ත කතා කරනකොට, ජනතාව බිය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියෙනවා.  අපි ඒ චෝදනාවට බයේ ඉන්නේ නෑ. යථාර්ථය රටට හෙළි කරනවා. ගායන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.”

Posted On Wednesday, 03 February 2021 04:19
කොරෝනා ආසාදනය වී අසාධ්යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි වෛද්ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්රයට නොහැකි විය.
ඊයෙ (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
ශ්රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්රයක් පමණි. එය සවිකර තිබෙන්නේ
කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි.
පුරා වසරකට වැඩි කාලයක් කොරෝනා වසංගතය මෙරට වර්ධනය වෙමින් තිබුණ ද නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එමෝ යන්ත්ර මෙරට ඇත්තේ එකක් පමණක් වීම බරපතල ගැටලුවකි.
කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා
තත්වය උත්සන්න වූ විට වෙන්ටිලේස්ටර් භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්රය භාවිතා කිරීම සිදුකරයි.
ecmo figure2
 
කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නිව්මෝනියා
තත්වය උත්සන්න වූ විට භාවිතා කරන අතර එමගින් හුස්ම ගැනීම පහසු කළ ද රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවන අවස්ථාවල දී මෙම යන්ත්රය භාවිතා කිරීම සිදුකරයි.
එය ඉතාමත් සංකීර්ණ ක්රියාවලියකි. ශිරාවක්
ඔස්සේ සිරුරේ ඇති රුධිරය ඉවත් කර එහි කාබන් ඩයොක්සයිඩ් ඉවත්කර ඔක්සින් රුධිරයට එකතුවීමට සළස්වා ධමනියක් තුළට යළි රුධිරය ඇතුළු කිරීම සිදුකරයි. මෙම ක්රියාවලිය සඳහා භාවිතා කරන එක්මෝ (EKMO) යන්ත්රය (Extra corporeal membrane Oxygenation) වරකට භාවිතා කළ හැකිවන්නේ එක් රෝගියකු සඳහා පමණි.
කොරෝනා වසංගතය ඇතිවීමට පෙර කරාපිටිය
ශික්ෂණ රෝහලේ සවිකරන ලද මෙම යන්ත්රය මී උණ රෝගීන් කිහිප දෙනකු සඳහාත් කොළඹ දී
පිහිනුම් තටාකයට වැටී ක්ලෝරීන් පෙවී අසාධ්
තත්වයට පත්වූ සිසුවියක සඳහාත් භාවිතා කර
තිබිණි.
එම යන්ත්රය එක් වරකට භාවිතා කළ හැක්කේ එක් රෝගියකු සඳහා පමණි. එක් රෝගියාගෙන්
රෝගියාට එහි භාවිතා වන නාල පද්ධතිය
වෙනස්කරන බවත් වැඩිහිටි රෝගීන් සඳහා සහ
ළමා රෝගීන් සඳහා වෙනස් වූ නාල පද්ධතියක් ඇති බවත් එම එක් පද්ධතියක් සඳහා රුපියල් ලක්ෂ 10ක් වැනි අධික මුදලක් වැයවන බවත් වෛද්යවර කියති.
ශ්රී ලංකාවේ ඇත්තේ මෙවැනි එකෝ යන්ත්ර එකක් පමණක් වුව ද ලෝකයේ බොහෝ රටව එක්මෝ ඒකක රෝහල ස්ථාපිත කර තිබෙන බවත් මෙවැනි වසංගත තත්වක දී ඒවා විශාල වශයෙන් ප්රයෝජනවත් වූ බව නොරහසකි.
නමුත් ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රයේ මෙවැනි
අත්යාවශ්ය උපකරණ ප්රමාණවත් තරම් නොමැතිවීමත් වසංගත තත්වයකවර්ධනය වූ
අවස්ථාවක දී පවා එවැනි උපකරණ
නොගෙන්වීමත් බරපතල ගැටලුවකි.
 
Posted On Wednesday, 03 February 2021 03:52

කොරෝනා රෝගයට ගොදුරු වූ තරුණ වෛද්‍යවරයකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබන බව පසුගිය දිනවල වාර්තාවී තිබුණි.


රාගම මහ රෝහලේ සේවය කළ මේ තරුණ වෛද්‍යවරයා  වෛද්‍ය ගයාන් දන්තනාරායන වන අතර ඔහු අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වැලඳීම නිසා ඔහුව මීට දින කිහිපයකට පෙර ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලටය.
 

අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට

 

පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන් හෘදය හා පෙණහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහාය.
දැනට ශ්‍රී  ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේද ගාල්ල කරාපිටිය රෝහල වූ අතර එම යන්ත්‍රය මගින්
වෛද්‍යවරයාගේ අක්‍රිය වන පෙණහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීම සිදු කරන ලදි.
කෙසේ වෙතත් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් අසමත්වූ බව අද වාර්තා කෙරිණි.
 

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ  ගයාන් දන්තනාරායන  රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.
මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති. මෙම වෛද්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
 

Posted On Tuesday, 02 February 2021 07:48

ළමා අපයෝජන, බලාපචාර හා ළමා වැරදිකරුවන් සම්බන්ධයෙන් යෝජනා ලබාදීමට කමිටු 05ක්

Posted On Tuesday, 02 February 2021 06:59