Thursday, 25 April 2024

පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට පියවර

Posted On Thursday, 11 February 2021 07:12

සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ඇරඹෙයි

Posted On Wednesday, 10 February 2021 16:41

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිනෙන් දින පහල බසින්මින් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (09) රුපියල් 197.45 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 192.23 ක් ලෙසත් දැක්විණි.
 
මීට පෙර අවස්ථා දෙකක දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199 ඉක්මවා පහළ ගියේ ය. ඒ මහ බැංකු අනුපාතයන් අනුවය. නමුත්
මෙරට වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 200 ඉක්මවා ඇති අවස්ථා කීපයක් වාර්තා විය.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ  වනවිට විශාල  අර්බුධයක පැටලී ඇති බව නොරහසකි. ඊට ආසන්නම  උදාහරණය ඊයේ (09) දිනයේ ජාතික පුවත්පත් යොදාගනිමින් පිටුවක ප්‍රමාණයේ දැන්වීමක් මගින් ජනතාව දැනුවත් කර ඇති ආකාරයයි. එහි  ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරන්නේ, විදේශයන්ගේ සිටිමින් හෝ විදේශයක මුදල් මෙරට සිට උපයන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් එකකට රුපියල් දෙකක් වැඩිපුර ගෙවන බවයි.

 

Add Copy

මෙවැනි දැන්වීම් පලකිරීමට තරම් ලැජ්ජාසහගත තත්වයකට ආණ්ඩුව තල්ලු වී තිබේ. ඊට ප්‍රධාන හේතු රැසකි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට පසුගිය ඔක්තෝම්බර් 29දා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සමගම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඒ පිලිබඳව විවිධාකාරයේ අදහස් හුවමාරු විය.මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයට ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් හිමිවන බවටත් විවිධ පාර්ශව චෝදනා කිරීමට පටන් ගත් අතර ආණ්ඩු පක්ෂයේම ඇතැම් මැතිඅමැතිවරු ම එකී විරෝධයන් පිටුපස සිටීම හේතුවෙන් ආණ්ඩුව වහාම එම ගිවිසුමෙන් ඉවත්වන බව දැන්වී ය. ඊට පෙරඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතියඅහෝසි කිරීමට ගත් තීරණය මේ සඳහා  බලපෑ තවත්  කරුණකි. දේශීය  වශයෙන් ආයතන රෙගුලාසි මෙන්ම මුල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබදතා පිළිබඳව ද ගැටලු ඇතිවිය හැකි තත්වයන් නිර්මාණය කරමින්  ජනාධිපතිවරයා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කළේ එම ව්‍යාපෘතිය අහෝසි කරන ලෙසයි. 

 පසුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය තුල ඉන්දීය හා ජපන් ආයෝජන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දැවැන්ත විදෙස් ආයෝජනය ද හකුලාගනු ලැබී ය. ඒ ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ මෙන්ම ඇතැම් වෘත්තීය සමිති ගෙනගිය අරගලයක ප්‍රතිපලයක් ලෙස ය.

මේ ආකාරයට කුමන ආයෝජනය පැමිණියද රජයට ඒ සදහා සෘජු තීරණ ගැනීමට කොන්දක් නැති බව ඔප්පු විය. ආණ්ඩු පක්ෂයේ සිටින ඇතැම් ඇමතිවරු මෙම යෝජනා නතර කිරීමේ ක්‍රියාවලියේ සක්‍රීයව සම්බන්ද වී ඇති බව පෙනී යයි. අවසානයේ රජය,  “වැඩිපුර රුපියල් දෙකක් දෙන්නම් ඩොලර් එවන්න” යැයි කියමින් දැන්වීම් පලකිරීමට තරම් වූ  හිඟන තත්වයකට පත්වී ඇත.

Posted On Wednesday, 10 February 2021 09:33

මාර්තු පළමු සතියේ සිට මධ්‍යස්ථාන 4000කදී දිනකට පුද්ගලයන් ලක්ෂ 06කට කොවිඩ් මර්දන එන්නත්

Posted On Tuesday, 09 February 2021 07:31

සෑම කොවිඩ් ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර

Posted On Tuesday, 09 February 2021 06:53