Friday, 29 March 2024

දෙවියන්ගේ තීරණ

Posted On Saturday, 31 December 2016 07:52 Written by
Rate this item
(0 votes)

මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.

එලෙස අභ්‍යවකාශයේ රැඳී සිටි කාලය පුරාවට පෘථිවිය වටා 3088 වාරයක් ගමන් කිරීමට ඔහුට හැකිවිය. ඒ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා කක්ෂයක ගමන් කරන සේ සැලසුම් කර ඇති බැවිනි.

පෘථිවිය වටා ගමන් කර නිරුපද්‍රැතව යළි පැමිණි පේවිස්ට පෘථිවිය මත දෙපයින් ගමන් කිරීමට එකවරම නොහැකිවීම ඔහුගේ වරදක් නොවේය. එය මිනිසාගේ ශාරීරික සීමාවක් වන බැවිනි. එබැවින් පෘථිවිය වටා ගමන් වාර 3088ක් ගමන් කළ ඔහු පෘථිවිය මතදී මිනිසුන්ගේ දෑත් මතින් ගමන් කළේ මෙසේය. මිනිසා තමන් සොයා ගත් තාක්ෂණයෙන් කොතරම් විස්කම් කළද තවමත් ඔහු දෙවියන් නිර්ණය කළ සීමා හමුවේ අසරණ වන්නේ ය.

ටිරෝනි

Read 3882 times Last modified on Tuesday, 10 January 2017 04:49