Friday, 18 October 2024
නව පුවත්

2017 මැයි මාසයේ දී දිවයිනේ විවිධ ප්‍ර දේශවල අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයාම් හේතුවෙන් විපතට පත් රාජ්‍ය නිලධාරීන්ට පොලී රහිත විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
 

Posted On Tuesday, 04 July 2017 05:29

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින්  දිවයිනේ සියලු පාසල්වල ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 

Posted On Monday, 03 July 2017 05:29

ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Posted On Monday, 03 July 2017 05:28

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සිදු කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් විභාග කිහිපයක අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

Posted On Friday, 30 June 2017 05:27

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Posted On Friday, 30 June 2017 05:21