Friday, 18 October 2024
නව පුවත්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන සහකාර තනතුරුට බඳවා ගැනීමේ තරග විභාගය ලබන 15 වන දින පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇති බව  විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

Posted On Tuesday, 11 July 2017 04:45

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ඉල්ලුම් කළ සියලුම අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

Posted On Tuesday, 11 July 2017 04:44

ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සංඛ්‍යාති පිළියෙළ කිරීම සඳහා ප්‍රථමවරට පෞද්ගලික හා අවිධිමත් අංශයේ ශ්‍රම බල ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයක් ජුලි මාසයේ දී පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 

Posted On Thursday, 06 July 2017 05:18

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර එම පොදු සමා කාලය 2017 ජූලි 23 දක්වා දීර්ඝ කිරීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

Posted On Tuesday, 04 July 2017 05:41

ලබන ඔක්තෝම්ර් පළමුදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හා  දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මව්පියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

Posted On Tuesday, 04 July 2017 05:30