Saturday, 27 July 2024
නව පුවත්

කළුතර දිස්ත්‍රික්කයේ ගංඟාවල හා මුහුදේ සිදුවන මඟී ප්‍රවාහන කටයුතුවලදි අරක්ෂක කබා පැළඳවීමේ නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කරයි.
 

Posted On Friday, 19 May 2017 08:51

දිවයිනේ නිරත දිග ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්න‍ාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල (මි.මි. 100ට වැඩි) තද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
 

Posted On Friday, 19 May 2017 08:49

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟ අසල කොටස නාය යාමක් සිදු ව ඇති බැවින් අඹතලේ හන්දිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇත.
 

Posted On Friday, 19 May 2017 08:48

2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 2.00 සිට පස්වරු 7.00දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 

Posted On Thursday, 18 May 2017 07:07

අද (18) සහ හෙට (19) දෙ දින විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන  වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කරගනිමින් කණ්ඩායම් 1800ක් යොදවා ගැනීමට නියමිතය.
 

Posted On Thursday, 18 May 2017 07:05