Friday, 20 September 2024
නව පුවත්

SLIDA හරිත සතිය - ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වෙයි.පෙ.ව. 8.00 ට ආරම්භ වෙන උත්සවය සඳහා ජාර්මානු තානාපති John Rohde මහතා ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

Posted On Monday, 26 March 2018 06:32

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

Posted On Monday, 26 March 2018 06:26

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය.

Posted On Friday, 23 March 2018 06:44

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා  පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය(ITI) සමත්ව ඇත.

Posted On Thursday, 22 March 2018 07:23

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය කළ යුතු අන්දම පිළිබඳව විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විට සකසා ඇති බව ජාතික ළම ආරක්ෂක අධිකාරිය පවසයි.

Posted On Thursday, 22 March 2018 07:18