මෙම පර්යේෂණය සිදු කිරීමෙහිලා කැනඩා රජයේ ආධාර ලැබී ඇති අතර එහි ප්‍රතිපල සාර්ථකත්වය මත වෙළඳපල හරහා පලතුරු වගාවන් ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙත මෙම නව නිෂ්පාදනය ලබා දීමට අපේක්ෂිත අතර මෙම නව සොයා ගැනීම පලතුරු ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නව පෙරළියක් සිදු කරනු ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
මෙම නව නිෂ්පාදනය පළතුරු නිෂ්පාදකයන් අතරට පත් කිරීම සඳහා ITIආයතනය හේලිස් ඇග්‍රෝ පුද්ගලික සමාගම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද(22) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මේ සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර පිරිනැමූ කැනඩා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින මහ කොමසාරිස්DAVID MEKINNON මහතා සහ HAYLEYS AGRICULTURE HOLDINGS සමාගමෙහි ඉහළ නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.