Wednesday, 16 July 2025
නව පුවත්

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Posted On Monday, 09 October 2017 05:18

ඔක්තෝබර්මස 10 වන දින සිට සවස්කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

Posted On Monday, 09 October 2017 05:17

එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ. මෙවර ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් "දුම්රිය මගින් තැපැල් ප්‍රවහනය" යන තේමාව ඔස්සේ රුපියල් පහළොවක හා රුපියල් තිස්පහක් වටිනා මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
 

Posted On Monday, 09 October 2017 05:15

දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර පළාතේ ඉදිරි දින කිහිපයේ දී පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.
 

Posted On Friday, 06 October 2017 06:30

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී ආරම්භ විය.

Posted On Friday, 06 October 2017 05:05